විදුලිබල මණ්ඩලයේ සේවකයන් ලබාගෙන ඇති ණය පහසුකම්වල පොලී ගෙවා දැමීම සඳහා වන මුදල් මහජනතාවගේ විදුලි බිලෙන් අය කර ගැනීම නවතා දමා, අදාළ ණය හිමියන්ගෙන් ඒවා අය කර ගැනීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙස විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට උපදෙස් ලබා දී තිබේ. විදුලිබල මණ්ඩලයේ සේවකයන් රුපියල් බිලියන 12ක පමණ ණය ලබාගෙන ඇති බවත් ඒ සඳහා වන පොලියෙන් තුනෙන් දෙකක්ම ගෙවන්නේ විදුලිබල මණ්ඩලයෙන් බව ඇමැතිවරයා සඳහන් කරයි. විදුලිබල මණ්ඩලයේ සේවකයන් ලබාගෙන ඇති මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් සහ විදුලිබල මණ්ඩලයට නව සේවකයන් බඳවා ගැනීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන ලෙස මීට දෙසතියකට පෙර තමා විසින් විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයෙන් ඉල්ලීමක් කළ බව ද ඇමැතිවරයා සඳහන් කරයි.