Local

COVID රෝගය සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැහැ - සෞඛ්‍ය අමාත්‍යංශය

Monday, 02 June 2025 - 10:58 pm

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව ගෝලීයව, 2025 වසරේ පෙබරවාරි මාසයේ සිට COVID-19 රෝගය ඇතිකරන SARS-CoV-2 වයිරසයේ ක්‍රියාකාරීත්වයේ ඉහළ යෑමක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

2023 මැයි මාසයේ සිට COVID-19 ගෝලීය වසංගත තත්ත්වය අවසන් වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිළ වශයෙන් ප්‍රකාශයට පත්කළ අතර, එතැන් සිට COVID-19 රෝගය සාමාන්‍යයෙන් පැතිර යන ශ්වසන රෝගී තත්ත්වයක් ලෙස සලකන බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

SARS-CoV-2 වයිරසය පැතිර යන විට යම් යම් ජාන විපර්යාස වලට භාජනය වීම සාමාන්‍ය තත්ත්වයක් බවත්, දැනට ලෝකයේ රටවල් ගණනාවක වාර්තා වන ප්‍රභේදය 2024 වසරේදී ද වාර්තා වූ ජාන ප්‍රභේදයේම අනු ප්‍රභේදයක් වශයෙන් හඳුනා ගෙන ඇති බවත්, 2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ද මෙම ප්‍රභේදය නිරීක්ෂණය කර තිබෙන බවයි සඳහන් වෙන්නේ.

මේවා අලුත් ජාන ප්‍රභේද නොවන අතර එමඟින්  වඩා උග්‍ර රෝගී තත්ත්වයන් හෝ සංකූලතා ඇති වීමක් හෝ වාර්තා වී නොමැති බවද සඳහන්.

පසුගිය වසර කිහිපය හා සැසඳීමේදී පවතින කාලගුණ තත්ත්ව යටතේදී ඉන්ෆ්ලුවෙන්සාව වැනි රෝගවල වැඩිවීමක් මෙම කාලයේදී සාමාන්‍යයෙන් දක්නට ලැබෙන බවද, රෝගය පැතිර යාම පිළිබඳව සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බවද, එම නිසා මහජනතාව මේ පිළිබඳව අනියත බියක් ඇතිකර ගතයුතු නැති බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරනවා.උණ, සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් පවතී නම් අනවශ්‍ය ලෙස බිය වී රෝහල්ගතවීමේ අවශ්‍යතාවයක් මෙම අවස්ථාවේ නොමැති බවද, නමුත් යම් පුද්ගලයකුට ශ්වසන රෝගයක් සමඟ හුස්ම ගැනීමේ අපහසුතාවයක් මතුවේ නම් රෝහලක් වෙත යොමුවීම අවශ්‍ය බවද එම අමාත්‍යංශය පවසනවා.

මෙම COVID-19 රෝගය හා ඉන්ෆ්ලුවෙන්සාව ඇතුළු සියලුම ශ්වසන රෝගවලින් ආරක්ෂා වීම සඳහා පිළිපැදිය යුතු ශ්වසන ස්වස්ථාවය ඇතුළු යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීම වැදගත් බවයි නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images


Top Stories
wedivistara

අයහපත් කාලගුණයෙන් සිදුවූ වගා හානි තක්සේරු කිරීම ආරම්භ කෙරේ

wedivistara

ලක්ෂ 80ක් වංචා කළැයි කෙහෙළියට පුතාට ඇප

wedivistara

ජනපතිවරණ සමයේ රනිල් දුන් මත්පැන් බලපත් පිළිබඳ විස්තර උසාවියට ඉල්ලයි

wedivistara

හිටපු ඇමැති පියසේන ගමගේගෙන් අල්ලස් කොමිසම පැය 2ක් ප්‍රශ්න කරයි

wedivistara

A330-200 ගුවන්යානය අද දිවයිනට

wedivistara

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

හදිසි ආපදා තත්ත්වයකදී 117 අමතන්න

wedivistara

ඊශ්‍රායලය ගාසා යුද්ධය වෙනතකට හරවා ඇතැයි යුරෝපා සංගමයෙන් චෝදනා


NEWS ALERT