Local

ශ්‍රී ලංකාව ගැන මූඩීස් කරුණු පහදයි

Wednesday, 25 September 2024 - 10:02 pm

ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන දේශපාලන වෙනස තුළින් මෙරට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ගමන්මග කැපීපෙනෙන වෙනසකට ලක් නොවනු ඇතැයි මූඩීස්, ජාත්‍යන්තර ආයෝජන සහ ණය වර්ගීකරණ සේවාව පවසයි.

ශ්‍රී ලංකාවේ නිර්මාණය වී තිබෙන නව වාතාවරණය සම්බන්ධව අදහස් දක්වමින් මූඩීස්, ජාත්‍යන්තර ආයෝජන සහ ණය වර්ගීකරණ සේවාව වාර්තාවක් පළ කර තිබුණි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඇතිවී තිබෙන දේශපාලන වෙනස තුළ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සහ ව්‍යුහාත්මක වෙනස්කම් ඇතුළු සාර්ව ආර්ථික ප්‍රතිපත්ති විශාල වශයෙන් වෙනස් නොවනු ඇති බවය.

කෙසේවෙතත්, ඇතැම් ප්‍රතිපත්ති ප්‍රමුඛතාවන් මත නැවත සැකසීමේදී මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීම අභියෝගකාරී විය හැකි බවත්, එය ණය අවදානම් වර්ගීකරණය තවදුරටත් ඉහළ මට්ටමක පැවතීමට හේතුවිය හැකි බවත් එම ආයතනය පෙන්වාදෙයි.

ඔවුන් පවසන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කොට, පාර්ලිමේන්තුවෙන් සම්මත කළ ආර්ථික පරිවර්තන පනත යටතේ IMF වැඩසටහනේ ආර්ථික සහ මූල්‍ය ප්‍රතිසංස්කරණ ඉලක්ක නව පනතක් හෝ සංශෝධනයක් මගින් මිස වෙනස් කිරීමට නොහැකි බවය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ණය  ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට විරුද්ධත්වයක් නොදක්වන බවත් මූඩීස් සඳහන් කරයි.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවට ස්ථාවර, සශ්‍රීක සහ සියල්ලන් ඇතුළත් වර්ධනයක් සහිත අනාගතයක් උදා කරගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය පවසයි.

ඇය මේ අදහස් පළකර ඇත්තේ, ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමිනි.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT