Local

විශේෂ බළකා ලුතිනන් – පුතා ආණමඩුවේදී රිය අනතුරකින් මරුට – බිරියට බරපතළයි

Friday, 26 January 2024 - 7:33 am

ආණමඩුව ලබුගල ප්‍රදේශයේදී ඊයේ (25) උදෑසන සිදුවූ මාරක අනතුරකින් එකම පවුලේ පියා හා පුතු මරණයට පත්ව මව බරපතළ තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම අනතුරින් මරණයට පත්ව ඇත්තේ නවගත්තේගම වෙලේවැව පදිංචිව සිටි යුද හමුදා විශේෂ බළකායේ ලුතිනන්වරයකු වන 38 හැවිරිදි ජීවක සෙනවිරත්න නමැති නිලධාරියකු හා ඔහුගේ පුතු වන මනුජය ප්‍රභාෂ්වර නමැති දස හැවිරිදි දරුවෙකි.

මෙම අනතුරින් බරපතළ ලෙස තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇත්තේ මිය ගිය යුද හමුදා නිලධාරියාගේ බිරිය වන කාංචනා නමැති අයවලුන් බව ආණ්මඩුව පොලිසිය කියයි.

මිය ගිය යුද හමුදා විශේෂ බළකා නිලධාරියා තම පුතා හා බිරිය සමඟ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී ආණමඩුව නවගත්තේගම මාර්ගයේ ලබුගල රාජමහා විහාරස්ථානය ඉදිරිපිට නවතා තිබූ දැව ප්‍රවාහනය කළ ලොරි රථයක ගැටී ඇති බව කියයි.

අනතුරින් බරපතළ ලෙස තුවාල සිදුව තිබූ යුද හමුදා නිලධාරියා, පුතු ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කරන විටත් මරණයට පත්ව සිටි බව පොලිසිය කියයි.

ඒ සමඟම බරපතළ තත්ත්වයේ සිටි යුද හමුදා නිලධාරියාගේ බිරිය ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබිණි.

යුද හමුදා ලුතිනන්වරයා තම පියාගේ මළගමට සහභාගි වී දාන කටයුතු සියල්ල අවසන් කර නැවත කොළඹ බලා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත අයුරින් අනතුරට පත් වී ඇති බව කියයි.

අනතුරින් මරණයට පත් යුද හමුදා විශේෂ බළකා ලුතිනන්වරයා 2004 වසරේදී යුද හමුදාවට එක්ව ඇති අතර මරණයට පත් වන විට හේනානිගල ආධුනික පුහුණු බළකා කඳවුරේ උපකරණ පාලන නිලධාරිවරයා ලෙස සේවය කරමින් සිටි බව කියයි.

අනතුරින් මරණයට පත් යුද හමුදා ලුතිනන්වරයාගේ එකම දරුවා වන මනුජය ප්‍රභාෂ්වර දරුවා මහඋස්වැව පරාක්‍රම ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ බවත් දරුවාගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කොළඹ ජාත්‍යන්තර පාසලකට ඇතුළත් කර අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙලේවැව සිට කොළඹ ප්‍රදේශයට මෑතකදී පදිංචියට ගොස් ඇති බව ද කියයි.

අනතුරින් මරණයට පත් ලුතිනන්වරයාගේ හා දරුවාගෙ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු පුත්තලම මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබිණි.

අනතුර සම්බන්ධයෙන් ආණමඩුව පොලිසිය පරීක්ෂණ පවත්වන අතර අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියැදුරු පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් බව ද කියයි.


Top Stories
wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT