Local

ක්‍රීඩා ඇමතිගෙන් අභියාචනාධිකරණයට මෝසමක්

Monday, 13 November 2023 - 9:43 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා පත්කරනු ලැබූ අතුරු පාලන කමිටුවේ කටයුතු අත්හිටුවමින් ඉකුත්දා නිකුත් කරන ලද අතුරු තහනම් නියෝග ඉවත් කරන ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අභියාචනාධිකරණය හමුවේ මෝසමක් ගොනුකර තිබෙනවා.

ඒ අනුව සිය පෞද්ගලික නීතීඥවරු මාර්ගයෙන් අදාළ විරෝධතා ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් ගොනුකරනු ලැබූ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණ අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු සහ ඊට අදාළ ගැසට් නිවේදනය අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් ඉකුත්දා අතුරු  තහනම් නියෝග නිකුත් කර තිබුණා.

එම අතුරු තහනම් නියෝග ඉවත් කරන ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙම මෝසම ඉදිරිපත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT