Local

විදුලි ඉල්ලුම සාමාන්‍ය තත්වයට පත්වනතුරු තවදුරටත් සූර්ය පැනල අක්‍රීය කරන ලෙස ඉල්ලීමක්

Wednesday, 16 April 2025 - 4:08 pm

උත්සව සමයේදී විදුලි සැපයුම සහ ඉල්ලුම අතර සමතුලිතතාවය කළමනාකරණය කිරීම සඳහා ගත් පියවර සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව අප්‍රේල් නිවාඩු කාලය තුළ විදුලිය සඳහා ඇති ඉල්ලුම සහ ක්‍රියාත්මක වන පුනර්ජනනීය බලශක්ති සැපයුම් පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යනයකින් පසුව එම කාලය තුළ විදුලි සැපයුම කළමනාකරණය කළ යුතු බව ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඕනෑම අවස්ථාවක විදුලි නිෂ්පාදනය සහ පරිභෝජනය අනුරූ​ප ලෙස සමාන විය යුතු බවත් විදුලිය වැඩි වශයෙන් භාවිත නොවන අවස්ථාවකදී විදුලි නිෂ්පාදනයද අඩු කළ යුතු බවත් ඉරිදා සහ ජාතික නිවාඩු දිනවල පවා විදුලි ඉල්ලුමේ අඩුවක් ඇති වන බැවින් එම දිනවල පවා විදුලි සැපයුම අඩු කළ යුතු බවයි එම මණ්ඩලය පෙන්වා දෙන්නේ.

ඒ අනුව අප්‍රේල් මස 10 වන දින සිට මෙරට විදුලි ඉල්ලුම ඉතා අවම මට්ටමක පැවති අතර කිලෝවෝට් 100ට වැඩි වහලය මත ස්ථාපිත කර ඇති සියලු සුර්ය පැනල වල සැපයුම් තාවකාලිකව විසන්ධි කිරීමට පියවර ගත් බවයි ලංකා විදුලි බල මණ්ඩලය නි‍වේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.

ඊට අමතරව විදුලි ඉල්ලුම අඩු අවස්ථාවල දී නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ද අක්‍රීය කිරීමට පියවර ගෙන ඇති අතර නැප්තා භාවිතා කරන කැළණිතිස්ස බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ද අප්‍රේල් 12 වන දින පෙරවරුවේ නතර කළ බව එම නිවේදනයේ සඳහන් වනවා. 

මේ වන විට ඉන්ධන මගින් විදුලිය උත්පාදනය කරන කිසිදු බලාගාරයක් ක්‍රියාත්මක නොවන අතර ජල විදුලි බලාගාර සහ පුනර්ජනනීය බලශක්තියට පමණක් ප්‍රමුඛත්වය ලබා දී විදුලි උත්පාදන කටයුතු සිදුකරන බවයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ.

විදුලි ඉල්ලුම සාමාන්‍ය තත්වයට පත්වනතුරු විදුලි බල මණ්ඩලය සිදුකරන දැනුම්දීම් වලට අනුව වහල මත සුර්ය බලශක්තිය ඇති සියලු හිමිකරුවන් පස්වරු 03 දක්වා ඔවුන්ගේ ඒකක වසා දමා අඛණ්ඩව සහය ලබාදෙන ලෙසද විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්. 

 

news images news images
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT