Local

පිටකොටුවේ දී මිනිස් සිරුරට අහිතකර රූපලාවන්‍ය ආලේපන විකුණලා

Thursday, 22 February 2024 - 1:18 pm

මිනිස් සිරුරට අහිතකර රූපලාවන්‍ය ආලේපන අලෙවි කළ සැකකරුවන් සිව්දෙනෙකු පිටකොටුව දෙවන හරස්වීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ(21) දහවල් සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව මිනිස් සිරුරට ප්‍රබල හානි ඇති කරන රසායනික සංයෝග අඩංගු, රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිත කරන ආලේපන වර්ග අලෙවි කළ වෙළෙඳසැල් 04 ක් වටලා, එවැනි විවිධ ආලේපන 1143 ක් පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති එම වෙළෙඳසැල් හිමිකරුවන් අවුරුදු 22, 25, 45 සහ 52 යන වයස්වල පසුවන කළගෙඩිහේන, මොරටුව සහ වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන්වේ.

පිටකොටුව පොලිසිය මගින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT