Local

මහ කන්නයේ වී මිලට ගන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවම මිල ගණන් ඉදිරිපත් කරයි

Saturday, 10 February 2024 - 7:45 am

මහ කන්නයේ ගොවීන්ගෙන් වී මිල දී ගැනීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සිය අවම මිල ගණන් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව තෙතමනය 14% මට්ටමක ඇති නාඩු වී කිලෝ ග්‍රෑමයක් සඳහා රු. 105ක්, සම්බා කිලෝවට රු. 120ක් සහ කීරි සම්බා කිලෝවක් රු. 130ක් වශයෙන් මිල නියම කර ඇත. තෙතමනය 14%ට වඩා වැඩි නාඩු වී කිලෝවට රු. 90ක්, සම්බා කිලෝවට රු. 100ක් සහ කීරි සම්බා කිලෝවට රු. 120ක් වශයෙන් මිල නියම කර තිබේ.

මේ වී මිල දී ගැනීම සඳහා කුඩා හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් සඳහා රු. මිලියන 50ක උපරිම ණය මුදලක් සහ වී ගබඩාකරුවන් සහ වී එකතුකරන්නන් සඳහා රු. මිලියන 25ක උපරිම ණය මුදලක් වශයෙන් රජය විසින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු මඟින් දීමට නියමිතය.

මේ ණය යෝජනා ක්‍රමය රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මේ යටතේ මිල දී ගනු ලැබිය හැක්කේ 2023/24 මහ කන්නයේ වී අස්වනු පමණි. ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරෙන මේ වී මිල දී ගැනීමේ වැඩ පිළිවෙළ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වී සඳහා අවම මිල දී ගැනීම සඳහා වන මිල ගණන් ඉදිරිපත් කර තිබේ. එමෙන්ම මේ වී මිල දී ගැනීම අධීක්ෂණය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම් හා ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් උපරිම මිල ගණන් තීරණය කිරිමේදී ගොවි සංවිධාන ඇතුළු සියලු අංශවල අදහස් යෝජනා ගත් අතර, ඒ අනුව මේ මිල ගණන් ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගත්තේය. මේ මිල ගණන් අනුව 2023/24 මහ කන්නයේ වී අස්වනු සඳහා ඉහළම මිලක් ලබා දීමට හැකි වී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.

එමෙන්ම වී අලෙවි මණ්ඩලය විසින්ද මෙවර වී මිල දී ගැනීමට විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා වෙත කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇත.

විශේෂයෙන් සහල් මිල ඉහළ යන අවස්ථාවන්හිදී පාරිභෝගික ආරක්ෂාව සඳහා මෙන්ම වී මිල පහළ යන අවස්ථාවලදී ගොවිජනතාවගේ වී සඳහා මිල ස්ථාවරව පවත්වාගැනීම අරමුණු කරගනිමින් වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගනු ලබයි. මේ සඳහා කැබිනට් අනුමැතිය සඳහා ඇමැතිවරයා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතය. වී මිල දී ගැනීම සඳහා රු. බිලියන 2ක මුදලක් ලබා ගැනීමට වී අලෙවි මණ්ඩලය සැලසුම් කර තිබේ.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT