Local

අපතේ යන කෘෂිකාර්මික නිෂ්පාදන මිලට ගෙන එතෙරින් ගෙනෙන දේවල් මෙරට නිපදවා විශාල විදෙස් විනිමයක් ඉතිරි කරන ‘රිච් ෆුඩ්’ දේශීය ව්‍යවසායකයන්ට ආදර්ශයක්

Wednesday, 24 January 2024 - 8:11 am

කොළොන්නාව, මීතොටමුල්ලේ රිච් ෆුඩ් නිෂ්පාදන (Rich Food Product) සැකසුම් කර්මාන්ත ශාලාව දැකබලා ගැනීම සඳහා ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා ගියේය.

කර්මාන්ත ශාලාව තුළ සිදු කෙරෙන කාර්යයන් දැක බලා ගැනීම මෙන්ම දේශීය ව්‍යවසායකයින් දිරිගැන්වීම අමාත්‍යවරයාගේ මෙම ගමනේ අරමුණ විය.

දේශීය පලතුරු වර්ග උපයෝගි කර ගෙන කේක් හා අයිස්ක්‍රීම් නිෂ්පාදනය සඳහා මෙන්ම ඒවා රසගැන්වීම, අලංකරණය කිරීම සඳහා ගන්නා අමුද්‍රව්‍ය නිපදවීම මෙම කර්මාන්ත ශාලාව තුළදී සිදු කරයි. දේශීය ව්‍යවසායකයෙකු ලෙස පවුලේ අය සමඟ එක්ව සුළු පරිමාණයෙන් 1994 වර්ෂයේ ආරම්භ කළ මෙම ව්‍යාපාරය තුළින් මේ වන විට 40කට වැඩි පිරිසකට රැකියා අවස්ථා ලබාදීමට රිච් ෆුඩ් අධිපති එස්. සරත්චන්ද්‍ර මහතාට හැකි වී ඇත.

පසුගිය කාලයේ ඇතිවූ කොවිඩ් වසංගතය නිසා බරපතළ අර්බුදයට ලක්ව තිබූ තම ව්‍යාපාර කටයුතු මේවන විට නැවතත් යථා තත්ත්වයට පත්වෙමින් ඇති බව එස්. සරච්චන්ද්‍ර මහතා මෙහිදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට පැවසීය.

මුළු ලංකාවේම අපතේ යන කෘෂිකාර්මික නිෂ්පාදන ගොවීන්ගෙන් මිලදී ගෙන ඒවාට අගයක් එකතු කරල ඒ අගය ලංකාව තුළ මහා පරිමාණයේ කර්මාන්තශාලාවලට යෙදවුමක් ලෙස සපයලා අපේ රටට පිටරටින් ආපු භාණ්ඩ විශාල ප්‍රමාණයක් මෙම කර්මාන්ත ශාලාව තුළ නිපදවා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කර සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරකයින්ට මහත් ආදර්ශයක් සරත්චන්ද්‍ර මහතා ලබාදෙන බව අමාත්‍ය ආචාර්ය ඛන්දුල ගුණවර්ධන මහතා මෙහිදී පැවසීය.

අමාත්‍යවරයා සමග මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලඥයන් කීපදෙනෙකු එක් වූහ.

 
 
 
 


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT