Local

වසර 300 පැරිණි කොක්පිටියාව වැවට කළ විනාශයෙන් ගොවීන් අසරණ වෙයි

Monday, 19 May 2025 - 7:00 pm

මොරගොඩ, කොක්පිටියාව වැවේ ප්‍රධාන ජලමූලාශ්‍ය ඇල බැම්ම කිසියම් ගම්වැසියෙකු විසින් හිතුමතේ අනවසරෙන් කපා ඇති බවත් එම කපා දැමීම හේතුවෙන් මේවන විට කොක්පිටියාව වැවේ ජලය රදවා ගැනීමට නොහැකිව නිකරුණේ පිටතට ගලායන බවත් මොරගොඩ ගොවීන් පවසයි.

එම ක්‍රියාව හේතුවෙන් මොරගෙඩ ගම්මානයේ කුඹුරු අක්කර 75ට ආසන්න ප්‍රමාණයක් විනාශවීමේ අවදානමකට මේවන විට ලක්ව ඇති බවත් ගොවීහු පෙන්වා දෙයි.

දවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ තුලාන අංක 74 හි, මොරගොඩ ග්‍රාමයේ මෙම කොක්පිටියාව වැව පිහිටා ඇත. ඇතාකඩ ගොවිජන සේවා මධ්‍යස්ථානය යටතේ අධීක්ෂණය වන මෙම වැව මොරගොඩ ගම්මානයේ කුඹූරු අක්කර 75ක් පෝෂණය කරයි.

මෙම වැව අවුරුදු 300ටත් පෙර ඉදි වූ බව ගම්වාසීහු පවසයි.

70ව දශකයේ අවසන් වරට ප්‍රථිසංස්කරණය වූ මෙම වැව මේවන විට බලධාරින්ට අමතක වී ඇති බවද ගම්වාසීහු කියයි.

ඒ අනුව මීට මසකට පමන පෙර ගම්මානයේ එක්තරා පුද්ගලයෙකු පැමිණ තම කුඹුරට එම ඇළෙන් වතුර කාන්දු වෙනවායැයි කියා අනවසරෙන් කොක්පිටියාව වැවේ ප්‍රධාන ජලමූලාශ්‍ය ඇල බැම්ම කපා ඇත. අනතුරුව ගම්වාසීන් එයට විරුද්ධ වී ඇති අතර අදාල බලධාරින් ඒ පිළිබඳ දැනුවත් කිරීමක්ද සිදු කර ඇත. නමුත් වැව කැපූ පුද්ගලයාගේ සුහදතාවය මත නිලධාරින් නීතිය ක්‍රියාත්මක නොකර වැවේ ජලය නිකරුණේ පිටතට යාමට මේවන විට සලසා ඇති බව ගම්වාසීහු කියයි.

මේ දිනවල ඇද හැලෙන වර්ෂාවෙන් එක්රැස් වෙන ජලය මෙම වැවේ රදවා ගැනීමේ අරමුණින් මේවන විට වැලි කොට්ට දමා ගම්වාසීන් විසින් වැවේ ජලය රැක ගැනීමට මහත් වෙහෙසක් දරමින් සිටි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT