Local

ඉදිරි වසරවලදී කෘතිම බුද්ධියෙන් සෞඛ්‍ය සේවාවේ විප්ලවීය වෙනසක්

Monday, 22 January 2024 - 9:22 pm

2022 වසරේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාලව සිදුකෙරුණ පර්යේෂණ පත්‍රිකා ඇතුලත් ශ්‍රී ලංකා සෞඛ්‍ය පර්යේෂණ සඟරාව (Sri Lanka Jou al of Health Research) එළිදැක්වීම පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පර්යේෂණ සඟරාව එළිදැක්වීම සිදු වූ අතර මෙය එහි දෙවැනි වෙළුම වේ.

ඉදිරි වසරවලදී කෘතිම බුද්ධිය සෞඛ්‍ය සේවාවේ විප්ලවීය වෙනසක් ඇති කරන බව මෙහිදී පැහැදිලි කළ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පරිපාලන කටයුතු විධිමත් කිරීමේ සිට රෝග විනිශ්චය නිරවද්‍යතාවය වැඩි දියුණු කිරීම දක්වා, කෘතිම බුද්ධිය සෞඛ්‍ය සේවා වෘත්තිකයන් වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සත්කාර සැපයීමට බල ගන්වන බව ද පෙන්වා දෙන ලදි.

මෙරට වෛද්‍ය පීඨ 11 ක් වන බවත්, මෙවැනි නවීන තාක්ෂණික මෙවලම් සමග සෞඛ්‍ය සේවාව ද ඉදිරියට යා යුතු බවත් වෛද්‍ය විෂයමාලාවට කෘත්‍රිම බුද්ධිය වැනි තාක්ෂණික විෂයන් ඇතුලත් කිරීම සහ එමගින් සෞඛ්‍ය සේවාවේ ඉදිරිය තව තවත් ශක්තිමත් කිරීම මෙන්ම  නවක පරපුර තාක්ෂණික යුගයට සැළසුම් සහගතව අවතීර්ණ කිරීමේ ඇති වැදගත්කම පිළිබදව ද අවධානය යොමු විය යුතු බව ද‌ මෙහි දී සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.

සෞඛ්‍ය සේවාවේ උන්නතියට මෙම ප්‍රකාශණයේ තොරතුරු ඉතා වැදගත් වනවා මෙන්ම ක්ෂේත්‍රයේ විද්වත් මණ්ඩලයක සහ ප්‍රවීණයින්ගේ නිර්දේශ මත වෛද්‍ය ආචාරධර්ම හා විද්‍යාත්මක න්‍යායවලට අනුකූලව මෙම සෞඛ්‍ය පර්යේෂණ සඟරාව ප්‍රකාශයට පත් කරනු ලැබිණ.

මෙම සඟරාවෙහි 2022 වසර තුල වෛද්‍ය, හෙද, සහ පරිපූරක වෛද්‍ය ඇතුලු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාලව සිදු කරනු ලැබු පර්යේෂණ  තොරතුරු පත්‍රිකා ඇතුලත් වේ.

අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ වසරකට එක්වරක් එළිදක්වනු ලබන මෙම ප්‍රකාශණය ඉදිරියේ දී වසරකට දෙවරක්  එළිදැක්වීමට අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ  වෛද්‍ය සුනිල් ද අල්විස්, ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සේපාලිකා සුදසිංහ යන මහත්ම මහත්මීන් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නි‌ලධාරීන් පිරිසක් එක්ව සිටියහ.


Top Stories
wedivistara

සෙවණගල සීනි කර්මාන්තශාලාව ගැන රජයෙන් දුන් සහතිකය

wedivistara

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 10,000ක් පීඩාවට

wedivistara

වසර දෙකකට පසු පොසොන් උත්සවය සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය

wedivistara

දේශීය ඖෂධ නිෂ්පාදනය දිරිගැන්වීමට රජයෙන් සහය

wedivistara

කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටී 04 දෙනෙකු රෝහලේ

wedivistara

මිලියන 167,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT