Local

අපේ ආර්ථික ප්‍රතිපත්තිය ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ප්‍රතිපත්තියක් - ආචාර්ය හරිනි අමරසූරිය

Friday, 05 April 2024 - 7:26 am

ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය, ආර්ථික ප්‍රජාන්ත්‍රවාදය තහවුරු කරන ප්‍රතිපත්තියක් බව ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් අදහස් කරන්නේ, පළමුව නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම බවද, දෙවනුව ආර්ථික ක්‍රියාවලිය තුළ සහභාගීත්වය වැඩිකිරීම බවද, තෙවනුව ආර්ථික ප්‍රතිලාභ සාධාරණව සමාජය තුළ බෙදී යාම තහවුරු කිරීම බවද ඇය පෙන්වා දෙනවා.

නිෂ්පාදන ආර්ථිකය ගැන කතා කළ විට ඉන් අදහස් කරන්නේ සියල්ලම මෙරට නිෂ්පාදනය කිරීම බව බොහෝ අය සිතුවද, තම පක්ෂය ඉන් අදහස් කරන්නේ එය නොවන බවත්, ගෝලීය ආර්ථිකයටත් සම්බන්ධ විය හැකි භාණ්ඩ හා සේවාවන් මෙරට තුළ නිෂ්පාදනය කර ගෝලීය වෙළඳපොළ සමඟ ගනුදෙනු කිරීම බවයි ඇය සඳහන් කළේ.

ආර්ථික ක්‍රියාවලිය තුළ සහභාගීත්වය වැඩි කිරීම ගැන පැහැදිලි කරමින් ඇය සඳහන් කළේ, මේ වන විට ආර්ථිකය පාලනය කරන්නේ සහ ආර්ථිකයට සහභාගී වන්නේ ඉතා කුඩා පිරිසක් බැවින් ගම්බද තරුණ තරුණියන්ට ආර්ථිකයට සම්බන්ධ විය හැකි අවස්ථා ඉතා අඩු බවත්, එසේ නොමැතිව ඕනෑම අයෙකුට මෙරට කොතැනක සිට හෝ ආර්ථිකයට සම්බන්ධ විය හැකි පරිදි ආර්ථිකය පැතිරිය යුතු බවයි.

ආර්ථික ප්‍රතිලාභ සාධාරණව සමාජය තුළ බෙදී යාම යන්නෙන් අදහස් කරන්නේ, එසේ ආර්ථිකයට සම්බන්ධ වන සැමට, ඔවුන් ආර්ථිකයට සහභාගී වන ප්‍රමාණය අනුව සාධාරණ ලෙස ආර්ථිකයේ ප්‍රතිලාභ ගලා යාම තහවුරු කිරීම බවයි ඇය සඳහන් කළේ.

ඊට අමතරව විවිධ හේතූන් මත ආර්ථිකයට සහභාගී විය නොහැකිි පිරිසක් සිටිය හැකි බැවින්, ඔවුන් ආරක්ෂා කිරීම සඳහාද ආණ්ඩුවකට වගකීමක් ඇති බවද, වර්තමානයේ මෙන් දේශපාලන සම්බන්ධතා මත පදනම්ව විකෘති වී දූෂිත නොවූ සැබෑ සමාජ සුබසාධන ක්‍රියාවලියක්ද අවශ්‍ය බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT