Local

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු අනුර කළ ඉල්ලීම

Saturday, 21 September 2024 - 6:39 pm

ලංකා ඉතිහාසය වෙනස්කරන මැතිවරණයක් බවට මෙම  මැතිවරණය පත්වන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථානයේ ස්ථාපනය කර තිබූ ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය.

'මම හිතනවා ලංකා ඉතිහාසය වෙනස්කරන මැතිවරණයක් බවට මේ මැතිවරණය පත්වේවී. කාලාන්තරයක් තිස්සේ ආණ්ඩු හදන්න, ආණ්ඩු පෙරළන්න, ආණ්ඩු මාරුකරන්න, නායකයෝ මාරුකරන්න ඡන්ද පවත්වලා තිබෙනවා. මම හිතනවා මේ මැතිවරණය ලංකා ඉතිහාසයේ ප්‍රබලතම හැරවුම් ලක්ෂයක් දෙන මැතිවරණය බව. ඒ වගේම ජයග්‍රහණයෙන් පසුව සියලුදෙනා සාමකාමි වන ලෙසත්, ප්‍රජාතන්ත්‍රවාදයේ ගතිලක්ෂණය තමයි, ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති දේශපාලන ව්‍යපාරයකට වැඩකරන්න, තමන් කැමති දේශපාලන ව්‍යාපාරයකට ඡන්දය ප්‍රකාශ කරන්න අයිතිය තිබෙනවා. ඒ අයිති අපි දිගටම ආරක්ෂා කළ යුතුයි.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT