Local

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරය තබා පොලිස් කොස්තාපල් තනතුර දැරීමටවත් සුදුසු නෑ - අතිරේක සොලිසිටර් ජනරාල්

Wednesday, 12 March 2025 - 5:38 pm

දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළ කරුණු සලකා බැලීම අද (12) අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති, විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සිදුකෙරුණා.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, තම සේවාදායකයා මේ අවස්ථාව වන විටත් පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන බවත්, ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.
තම සේවාදායකයා අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක් ලබාදෙන්නේ නම්, ඔහු විමර්ශනවලට සහායවීම සඳහා අධිකරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවද නීතීඥවරයා ප්‍රකාශ කර තිබෙනවා.
අනතුරුව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, පෙත්සම්කරු තවමත් පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන බව ඔහුගේ නීතිඥවරයා සඳහන් කළ නමුත්, ඔහු පසුගිය පෙබරවාරි 27 වනදා සිට අධිකරණය මග හරිමින් මගහැර සැඟවී සිටින පුද්ගලයෙක් බවත්, ඔහු පොලිස්පති ධූරය තබා පොලිස් කොස්තාපල් තනතුර දැරීමටවත් සුදුසු නොවන පුද්ගලයෙක් බවයි.
එසේම මත්ද්‍රව්‍ය සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ වැටලීමක් සිදුකිරීමට ගිය බවට සඳහන් කළ ද, එය සැක සහිත බවත්, W15 හෝටලයේ හිමිකරු වන මොහොමඩ් නිසාම් ජමාල්ඩින් සහ දේශබන්දු තෙන්නකෝන් අතර පැවති පෞද්ගලික ආරවුලක් මත මෙම සිද්ධිය හටගෙන තිබෙන බව පෙනී ගොස් තිබෙන බවයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ.
අදාළ සිද්ධියෙන් මියගිය පොලිස් කොස්තාපල්වරයාට පොලිස්පතිවරයා ලෙස ඔහු මැදිහත් වී පොලිස් අරමුදලින් රුපියල් ලක්ෂ 15ක් ලබාදී ඇති බවත්, පසුව එවක මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ මැදිහත්වීමෙන් ජනාධිපතිවරයා දැනුවත් කර, තවත් ලක්ෂ 25 ක මුදලක් ලබාදී තිබෙන බව අනාවරණය වී ඇති බවත්, එවක මහජන ආරක්ෂක අමාත්‍යවරයා වන ටිරාන් අලස්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කළ යුතු බවට මහේස්ත්‍රාත්වරයා පෙන්වා දී ඇති බවයි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට කරුණු දක්වමින් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT