Local

ජනතාව ගැන සිතා වැඩට එන්න ඇමැති රමේෂ් සෞඛ්‍ය සේවකයන්ගෙන් ඉල්ලයි

Wednesday, 14 February 2024 - 10:03 am

සෞඛ්‍ය වෘත්තීය ක්‍රියාමාර්ග හරහා අපහසුතාවට පත් වන මෙරට ජනතාව පිළිබඳ සැලකිල්ලට ගෙන වෘත්තීයමය කටයුතු නැවත ආරම්භ කර මෙරට ජනතාව වෙනුවෙන් සේවාවන් පවත්වාගෙන යෑමට උදවු කරන ලෙස වර්ජකයන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

සියලු සෞඛ්‍ය සේවා වෘත්තිකයන් ඉතාම වටිනා සේවකයන් බව අවධාරණය කරන අමාත්‍යවරයා රාජ්‍ය සේවකයන් සියලුදෙනාට වැටුප් වැඩි වීමක් ලබාදීමට මේ වන විටත් රජය පියවර ගෙන ඇතැයි සඳහන් කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (13) කියා සිටියේය.

ඇමැතිවරයා මෙසේ ද පැවසුවේය.

වෛද්‍යවරුන්ටත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටත් විශේෂ දීමනාවක් ලෙස ලබා දුන් දීමනාවක් සම්බන්ධයෙන් මෙම වෘත්තීය අරගලය ක්‍රියාත්මක වෙනවා. මෙම ගැටලුව මතු වූ මුල් අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එම වෘත්තිකයන් සාකච්ඡා සිදු කළා. මෙම ගැටලුව මූල්‍යමය කාරණාවක් නිසා මුදල් අමාත්‍යාංශයට සම්බන්ධ කළා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ සම්බන්ධයෙන් අදාළ වෘත්තිකයන් සමඟ සාකච්ඡා කළා. එහිදී ඇති වූ එකඟතාව මත නැවත ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යාංශය සමඟ කමිටුවක් පත් කිරීමටත් තීන්දු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස පෙරේදා (12) මුදල් අමාත්‍යාංශයෙහි අතිරේක ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහභාගීත්වයෙන් අදාළ වෘත්තිකයන් සමඟ සාකච්ඡාවක් සිදු කළා.

පවතින සීමිත මූල්‍ය අවකාශය තුළ විසඳුම් දීමට ක්‍රමවේදයක් ඉදිරිපත් කරන්නට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබුණා. අදාළ විසඳුම ලබාදීමට පාදක වන මූල්‍ය ප්‍රමාණය පිළිබඳ අදාළ වෘත්තීය සමිති එකඟතාව පළ කර තිබුණේ නැහැ. ඒ හේතුවෙන් අද දින නැවත වතාවක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරනවා. මෙරට සෞඛ්‍ය සේවාවේ උන්නතියට සෞඛ්‍ය වෘත්තිකයන් විශාල සේවයක් ඉටු කර තිබෙනවා. ඉටු කරමිනුත් සිටිනවා. වෛද්‍යවරුන්ටත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටත් විශේෂ දීමනාවක් ලබාදීම කියන කරුණ පසුගිය කාලය පුරාම ජනගත වී තිබූ කාරණයක්. මෙරට ඇති වූ මූල්‍ය හා ආර්ථික අර්බුද හමුවේ වෛද්‍යවරු 1300ක් පමණ රටින් බැහැරව තිබෙනවා. ඔවුන්ට මෙම දීමනාව ලබාදී තිබෙන්නේ ඇති වූ බදු අර්බුදයෙන් විශාල ලෙස පීඩාවට පත්වන කොට්ඨාසයක් ලෙස සැලකිල්ලට ගෙනයි. මෙම දීමනාවෙන් ලැබෙන විශාල මුදල් කොටසක් නැවත රජයට බදු විදියට අය වෙනවා. මේ හරහා විශාල මුදල් ප්‍රමාණයක් ඔවුන්ට හිමි වෙන්නේ නැති බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණා. සියලු රාජ්‍ය සේවකයන්ට පවතින අපහසුතා සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා රුපියල් 10,000කින් වැටුප් වැඩි කිරීමට පියවර ගත්තා. එහි කොටසක් දැනටමත් ලබාදෙනවා. අප්‍රේල් මාසයෙන් පසු සම්පූර්ණ මුදල ලැබෙනවා. අප්‍රේල් මාසය තුළදී මුදල් අමාත්‍යාංශය රාජ්‍ය සේවකයන්ට වැටුප් දෙකක් ගෙවිය යුතුව තිබෙනවා. එම තත්ත්වයන් පිළිබඳ මුදල් අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් සිදු කළා.

මේ අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහත්වරු ද සහභාගි වූහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT