සීනි ආනයනය කිරීම සඳහා ඉකුත් වර්ෂයේ දී (2023) රුපියල් මිලියන එක්ලක්ෂ හතළිස් දෙදහස් තුන්සිය එකක (142,301ක) මුදලක් වැයකොට ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.
එම වාර්තාවට අනුව 2022 වර්ෂයේ දී මෙරටට සීනි ආනයනය කිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 82,644කි. ඒ අනුව 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දී මෙරටට සීනි ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 59,657 ක මුදලක් වැඩිපුර වැය වී ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වෙයි.
2023 වර්ෂයේ දී මෙරටට සීනි මෙටි්රක් ටොන් හයලක්ෂ පනස් තුන්දහසක් ආනයනය කර තිබූ අතර 2022 වර්ෂයේ දී ආනයනය කර තිබූ සීනි ප්‍රමාණය මෙට්‍රික්ටොන් සංඛ්‍යාව හාරලක්ෂ හැටදහසකි.