Local

විමල්ගේ නිමල් රනිල්ට

Friday, 16 August 2024 - 7:22 am

මෙවර ජනාධිපතිවරණයේදී තම සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බව නුවරඑළිය දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා සඳහන් කරයි.

නිමල් පියතිස්ස මහතා ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පසුගිය මහමැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි.

සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට පුත්තලමෙන් පත්වූයේ ද ජාතික නිදහස් පෙරමුණේ ජගත් ප්‍රියංකර මහතාය. ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම නායකයා ලෙස කටයුතු කළේ ද ඔහුය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර ඇත.

ජාතික නිදහස් පෙරමුණේ තවත් ප්‍රබල මන්ත්‍රීවරයකු වූ මොහොමඩ් මුසම්මිල් මහතා ද ජනාධිපතිවරයාට සහාය දක්වන අතර අනුර ප්‍රියදර්ශන මහතාගේ නායකත්වයෙන් යුත් නව සන්ධානය හා එක්ව තිබේ. ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ ද මුසම්මිල් මහතාය.

මෙසේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරු තිදෙනකුම මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය දැක්වීමට ඉදිරිපත්ව සිටින අතර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ද සන්ධානගතව ඇත්තේ, සර්වජන බලය සංවිධානය හරහා දිලිත් ජයවීර මහතාට සහාය පළ කිරීම සඳහාය.

ජනාධිපති ජනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්ව සිටින නිමල් පියතිස්ස මහතා ඒ සම්බන්ධයෙන් මෙසේ පැවසීය.

පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ අප හොඳින් ගැඹුරින් අධ්‍යයනය කළා. වර්තමාන රටේ තත්ත්වය පිළිබඳ අපේ අවධානය යොමු වුණා. මිනිසුන්ගේ බලය මතින් පැමිණි පාලකයන් පිටමන් වී යන අවධියක, මිනිසුන් ගෑස් ටික ඉල්ලද්දී මිනිස්සු තෙල් ටික නැතුව තෙල් පෝලිම්වල ඉන්දැද්දි, මිනිස්සු තමන්ගේ වගාවට පොහොර ටික ඉල්ලද්දී ඒ සියල්ලට විසඳුම් ලබාදීමට නොහැකිව එවක පාලකයන් පලා යද්දී මේ රටට නිවැරදි නායකත්වය දෙන්නට සමත් වූයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බව අප කිසි කෙනකු අමතක කළ යුතු නැහැ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ගේ ධුරය හැර යද්දී, සිය වගකීම හරියට ඉටු නොකර පලායද්දී, මේ රටේ අගමැතිවරයා විදිහට, මේ රටේ උප ජනාධිපතිවරයා විදිහට, මේ රටේ ජනාධිපතිවරයා විදිහට රනිල් වික්‍රමසිංහ මහතා මේ රට හැම අතින්ම ගොඩගැනීමට කටයුතු කළ ආකාරය ජනතාවාදී නායකයන් විදිහට අපට අමතක කරන්න බැහැ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT