Local

ජාතික පාසල්වලට පත් කළ ගුරුවරු 462ක් පත්වීම් භාර ගෙන නෑ -උපාධිධාරීන් රැකියා භාර නොගැනීම පුදුමයක්

Wednesday, 07 August 2024 - 11:22 am

ජාතික පාසල්හි ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ලබාදුන් පත්වීම් 1700න් 462ක් භාරගෙන නැති බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවසීය.

ජාතික පාසල්හි ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, තාක්ෂණවේදය සහ විදේශ භාෂා සඳහා පැවැති පුරප්පාඩු සඳහා උපාධිධාරීන් 1700කට දුන් ගුරු පත්වීම්වලින් 462ක් පත්වීම් ලබාගෙන නැති බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. මීට සති දෙකකට පමණ පෙර පත්වීම් ලබාදීම සිදු කර දින 14කින් පසුව පත්වීම් භාර ගත් පිරිස ගැන සොයා බැලීමේදී පත්වීම් නොගත් 462ක් වාර්තා වූ බව ද ඇමැතිවරයා පැවසුවේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. රැකියා නැති පිරිස්වලට ලබාදුන් පත්වීම් භාර නොගැනීම පුදුමයට කරුණක් බවත් මෙම පත්වීම් උපාධිධාරී දෙවැනි ශ්‍රේණියට ලබාදුන් පත්වීම් බවත් ඇමැතිවරයා පැවසුවේය.

වවුනියාව මඩුකන්ද සහ උහන ජාතික පාසල් ඇතුළු දුෂ්කර පළාත්වල ජාතික පාසල්වලට ලබාදුන් පත්වීම් භාරගෙන නැති බවත් එය පුදුමාකාර ගැටලුවක් බවත් ඇමැතිවරයා කීය. මේ දුෂ්කර ප්‍රදේශවලින් විද්‍යා උපාධිධාරීන් බිහි නොවන බවත් එම නිසා වෙනත් ප්‍රදේශවලින් බිහිවෙන උපාධිධාරීන් එම ප්‍රදේශවල ඉගැන්වීම් කටයුතුවලට යොමු කිරීම හැර වෙනත් විකල්ප නැති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

උපාධියක් ගත් පමණින් ඕනෑම අයකුට ගුරු වෘත්තියට ඇතුළත් වීමට අවස්ථාවක් නැති බවත් පාසල් තුළ ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය ක්‍රියාවට නැංවීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් ඇමැතිවරයා පැවසුවේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT