Local

ජනාධිපතිවරණයට අදාළ මාධ්‍ය උපමාන නිකුත් වෙයි

Tuesday, 06 August 2024 - 10:46 am

ජනාධිපතිවරණය සඳහා වන මාධ්‍ය උපමාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරණයේ දී ප්‍රවෘත්ති වාර්තා කිරීම්, සෙසු වාර්තා වැඩසටහන්, දේශපාලන වැඩසටහන් සහ ප්‍රචාරණ කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබදව මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙමඟින් දැනුවත් කර තිබේ.

ඒ අනුව මාධ්‍ය උපමාන බලාත්මක කිරීම හා නිර්දේශ ලබාදීම සඳහා නියෝජිත කමිටුවක් පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

විද්‍යුත් මාධ්‍ය ආයතන, අන්තර්ජාල වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය වෙබ් අඩවි පරිපාලකයින් සඳහා වන මාධ්‍ය උපමාන මෙන්ම මුද්‍රිත මාධ්‍ය සඳහා ද වෙන් වෙන් වශයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් මාධ්‍ය උපමාන ප්‍රකාශයට පත්කර තිබේ.

මේ අතර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය ලබන 09 වන දින මධ්‍යම රාත්‍රී දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

අදාළ කාලය ඊයේ (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබුණ ද තැපෑලෙන් සිදුවිය හැකි ප්‍රමාද වීම් සහ කොමිෂන් සභාව වෙත සිදුකර තිබූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ අතර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ලැබෙන පැමිණිලි කඩිනමින් විමර්ශනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

දිස්ත්‍රික් මට්ටමින් මෙන්ම ජාතික මට්ටමින් ද ජනාධිපතිවරණය අදාළ පැමිණිලි ලබාගැනීම සඳහා වෙනම ඒකකයක් ස්ථාපිත කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT