Local

ආරුගම්බේ සිද්ධිය ගැන සම්පූර්ණ තොරතුරු මෙන්න

Wednesday, 23 October 2024 - 7:55 pm

ආරුගම්බේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (23) විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

එම ප්‍රකාශය පහතින් දැක්වෙයි,

'මැදපෙරදිග යුද වාතාවරණය ඇරඹීමත් සමගම ත්‍රස්තවාදී කටයුතු විවිධ පාර්ශ්වවලට ව්‍යාප්ත වෙලා තිබුණා. ශ්‍රී ලංකාවටත් යම් තර්ජනයක් ඇතිවේ යැයි සැකයක් ඇතිවුණු නිසා බුද්ධි අංශ ඒ සම්බන්ධයෙන් ඉතා හොඳින් ආවේක්ෂණ රාජකාරී කළා. ඔක්තෝබර් 07 වන විට ඒ සම්බන්ධයෙන් අපිට බුද්ධි තොරතුරු ලැබුණා.' 

'යම්කිසි විදේශික ජාතිකයන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් කියලා මීට සති 3කට පෙර පටන් ජානාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක කවුන්සිලයේ සාකච්ඡා කළා. ඒ සම්බන්ධයෙන් උපදෙස් ලැබුණා.' 

'උපදෙස් ප්‍රකාරව එම විදේශිකයන්ගේ ආරක්ෂාව, එම ස්ථානවල ආරක්ෂාව, ආගමික කටයුතු කරන ස්ථානවල විශේෂ ආරක්ෂක සැලසුමක් යටතේ පොලීසිය, STF, බුද්ධි නිලධාරීන් ආරක්ෂාව සැලසුවා.'

'මෙම ආරක්ෂක කටයුතු ඊයේ (22) දිනයේ සිට විශේෂිත වූ ආරක්ෂක සැලැස්මක් දියත් කළා. ඊට හේතුව ඒ තොරතුර නිශ්චිතව ලැබීම.'

'අද පෙරවරුවේත් ආරක්ෂක කවුන්සිලය රැස්වුණා. ආරක්ෂක ප්‍රධානීන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් එහිදීත් සාකච්ඡා කළා. එහිදීත් ලැබුණු තොරතුරු අනුව විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාල අපි දැනුවත් කළා.' 

'දේශීය වශයෙන් දේශීය පුද්ගලයන් ඉලක්ක කරගෙන කිසිදු තර්ජනයක් මේ වනවිට නිරීක්ෂණය වන්නේ නැහැ. නමුත් අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා කිසියම් ත්‍රස්තවාදී තර්ජනයක්, වෙනස්වීමක්, තොරතුරක්, පුද්ගලයෙක් සම්බන්ධයෙන්, ප්‍රහාරයක් ගැන වාර්තා වුණොත් වහාම පොලීසියට දැනුම්දෙන්න. ඒ වගේම1997 කෙටි අංකය යටතේ ඕනෑම වෙලාවක දැනුම්දීමක් කරන්න පුළුවන්.'

'දැනට ප්‍රමාණවත් ආරක්ෂාවක් යොදවා තිබෙනවා. වැටලීම්, සෝදිසි කිරීම් ක්‍රියාත්මකයි. නමුත් සැකකටයුතු පුද්ගලයෙක් හෝ දේපොළක් හමු වුණේ නැහැ.' 

'ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කිසිම ප්‍රශ්නයක් නැහැ. විදේශික ජාතිකයන් සම්බන්ධයෙන් යම් ගැටලුවක් තිබුණා.  ඒක ලෝකයේ අනෙක් රටවලටත් පොදුයි. කෙසේනමුත් අපි එසේ නොවෙන්න අවශ්‍ය කටයුතු කර තිබෙනවා.' 

'ගුවන්තොටුපොළේ සහ එම පිවිසුම් මාර්ගවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දැනට ක්‍රියාත්මක වෙනවා.'



Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT