Local

මෙම වසරේ යල කන්නයේ වී වගා ඉලක්කයෙන් ඉහළ ප්‍රගතියක්

Wednesday, 07 August 2024 - 6:08 pm

මෙම වසරේ යල කන්නයේ වී වගා ඉලක්කයෙන් 88%ක ප්‍රගතියක් ලබා තිබෙනවා.

ඒ අනුව මෙම වසරේ යල කන්නයේ වී අස්වැන්න පිළිබඳව පුරෝකථන වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බව සඳහන්.

අමාත්‍යවරයා උපදෙස් දී ඇති පරිදි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් එම පුරෝකථන වාර්තාව ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී යල කන්නයේදී වී වගා කිරීමට ඉලක්ක කළ කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර 540,000ක් වන අතර එයින් හෙක්ටයාර 480,000ක වගා කටයුතු සිදු කර තිබෙන බව සඳහන්.

එය වගා ඉලක්කයෙන් 88%ක ප්‍රගතියක් බවයි වාර්තා වන්නේ.

මෙවර යල කන්නයේ වගාකරන ලද මුලු කුඹුරු වපසරියෙන් 77% ක් නාඩු වී වගා වපසරිය ලෙසද 11%ක් සම්බා වී වගා වපසරිය ලෙස ද, 12%ක් කීරි සම්බා වී වගා වපසරිය ලෙස ද වාර්තා වි තිබෙනවා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ මෙම වගා බිම් ප්‍රමාණය අනුව 2024 යල කන්නයේදී මෙ.ටොන් මිලියන 02 ක වී අස්වැන්නක් ලැබෙනු ඇති බවයි.

මෙම අස්වනු ප්‍රමාණය මින් පෙර යල කන්නවලට වඩා ඉහළ මට්ටමක පවතින බැවින් පසුගිය මහ කන්නයේ වී අස්වනු ද රට තුළ තිබෙන අතර මෙම වර්ෂයේ දී මෙරට පාරිභෝජනයට අවශ්‍ය සමස්ත සහල් ප්‍රමාණය රට තුළින්ම නිෂ්පාදනය කර ගැනීමට හැකි වන බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT