Local

නව දේශපාලන සංස්කෘතියක් රටට හඳුන්වා දෙන බව ජනපති කියයි

Tuesday, 05 November 2024 - 11:27 am

රට තුළ පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම ජාතික ජන බලවේගයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, දේශපාලනය සඳහා යම් ප්‍රමිතියක් ක්‍රියාත්මක විය යුතු බවය.

මොනරාගල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.

'අපේ රටට දේශපාලනයේ ප්‍රමිතියක් අවශ්‍යයි. දේශපාලඥයාට හිතූ හිතූ දේ කරන්න පුළුවන් ද ? එහෙම බෑ. යම් නිර්ණායක පද්ධතියක්. යම් රාමුවක දේශපාලඥයා වැඩ කරන්න ඕනේ. දේශපාලකයා නීතියට යටත් වෙන්න ඕනේ. ශිෂ්ට සම්පන්න රාමුවක, ශිෂ්ට සම්පන්න කොටුවක් ඇතුළේ, තමා දේශපාලකයා ඉන්න ඕනේ. හැබැයි එහෙම නෑනේ අපේ රටේ. දැන් බලන්න වාහන හම්බවෙනවා. ලියාපදිංචි කරලා නැති වාහන, රේගුවෙන් නිසි පරිදි රේගු බදු ගෙවන්නේ නැතුව පන්නපු වාහන. සමහර වාහන බලනකොට එංගලන්තයෙන් උස්සපු ඒවා. ලේසි කට්ටිය නෙමෙයි. ඒ අයට එහෙම නීති අදාළ නෑ. අන්න අපේ රටේ දේශපාලන සංස්කෘතිය. ඒ නිසා අපි නීතිය ඉදිරියේ හැමකෙනාම සමානයි කියන සංකල්පයට පණ පොවනවා. ඒක අපි කරනවා. අපේ රටේ ජනාධිපතිවරයා වුණාට, අමාත්‍යවරයා වුණාට රිසි රිසි පරිදි තමන්ගේ මහජන දේපොළ උපයෝගී කරගන්න බෑ. එයාලා හිතනවා එහෙම. එහෙම දේශපාලනයක් ඕන නෑ. ඒ නිසා මේ දේශපාලනය ප්‍රමිතිගත කරනවා.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT