Local

සින්නක්කර ඔප්පු කඩිනමින්

Sunday, 07 January 2024 - 11:43 am

මෙම වසර අවසානයට පෙර තම අධිකාරිය සතු ඇති මහල් නිවාස වල පදිංචිවූවන්ගෙන් සියයට 50ක පිරිසකට හිමිකම් ඔප්පු ලබා දෙන බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා පවසයි.

නාගරික සංවර්ධන අධිකාරිය සතු මහල් නිවාසවල මේ වනවිට පුද්ගලයන් 14,542 දෙනෙකු පදිංචිව සිටී. ඒ අනුව පළමු අදියර යටතේ ඉන් සියයට 50ක පිරිසකට හිමිකම් ඔප්පු ලබා දේ. අනෙක් මහල් නිවාසවල මතුව ඇතු නෛතික හා අනෙකුත් ගැටළු නිරාකරණය කර ගැනීමට යම් කාලයක් ගත වන බවද නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

එම ගැටළු නිරාකරණය කර ගැනීමෙන් පසුව ලබන වසරේදී අනෙක් පිරිසට හිමිකම් ඔප්පු ලබාදීමට කටයුතු කරන ලෙස විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා තමන්ට උපදෙස් දී ඇති බවද නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා සඳහන් කරයි.

අඩු ආදායම්ලාභී පුද්ගලයන් සදහා නිවාස ලබා දීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ප්‍රධාන ආයතන වන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය යන ආයතනයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් අවධාරණය කර තිබුණේ තට්ටු නිවාස හිමියන්ට හිමිකම් ඔප්පු ලබා දීම කඩිනම් කරන බවට ප්‍රකාශ කර තිබෙන බවද සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති හා ඒ සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී සිකුරාදා (5) පැවැති සාකච්ඡාවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේ වසරකට සංවර්ධන සැලසුම් 22 බැගින් ගැසට් කරන ලෙසට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දී ඇති බවයි. එමෙන්ම සංවර්ධන සැලසුම් ගැසට් කිරීමට පෙර ඒවායේ භාෂා භාවිතය සම්බන්ධයෙන් දැඩිව අවධානය යොමුකරන ලෙසද සභාපතිවරයා මෙහිදී පැවසුවේය.

මේ අතර මහල් නිවාස වල පදිංචිව සිටි මුල් අයිතිකරුවන්ගේ දරුවන් වෙත ඒවායේ සින්නක්කර අයිතිය පැවරීමට ඇති හැකියාව සොයා බලන ලෙසද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ.

ඒ අනුව බොරැල්ල, ඕවල් වීව් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකකයන්හි මුල් අයිතිකරුවන්ගේ දරුවන්ට සින්නක්කර අයිතිය පැවරීම සඳහා අනුමැතිය ඉල්ලමින් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

බොරැල්ල, ඕවල් වීව් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතිය මධ්‍යම අදායම් නිවාස ව්‍යාපෘතියක් ලෙස රාජ්‍ය සේවකයන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරන ලද්දක් වන අතර එය නවීන අංගෝපාංග වලින් යුක්තව මහල් 24කින් සමන්විත වේ.

නිවාස ඒකක 608න් සහ වාණිජ ඒකක 5කින් මෙම නිවාස සංකීර්ණය සමන්විත වේ.

 
 
 
 


Top Stories
wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

මිනිස්සු බලාපොරොත්තු වන්නේ අලුත් පක්ෂයක්. මෙතෙක් කල් ආණ්ඩුව කරපු දේවල් ගැන ජනතාව සෑහීමකට පත්වෙලා නැහැ.

wedivistara

පොලිසියෙන් අතිවිශේෂ ගැසට්ටුවක්

wedivistara

ජාතික පසු අස්වනු කලමනාකරණ ආයතනයෙන් පලතුරු, පල්ප හා ක්ෂණික පලතුරු බීම සැකසීමේ හා බෙදා හැරීමේ මධ්‍යස්ථානයක්

wedivistara

ජනපති අනුරගෙන් අනුදිට සුබ පැතුම්

Trending
wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමට අදාලව අත්අඩංගුවට ගත් තිදෙනා රිමාන්ඩ්

wedivistara

හිටපු ජනපති මහින්ද සහ ගෝඨාභය නිළි රැජිනට අවසන් ගෞරව දක්වයි

wedivistara

පොල් මිල යළිත් ඉහළට

wedivistara

මතුගම ප්‍රාදේශීය සභාවේ තවත් 4ක් සජබට එක්වෙයි

wedivistara

දුමින්ද බන්ධනාගාර රෝහලට


NEWS ALERT