Local
කොහුවල නිවසකට වෙඩි තැබීමේ සිද්ධියට තුන්දෙනෙක් අත්අඩංගුවට
Sunday, 22 June 2025 - 10:53 am
පසුගිය 15 වනදා කොහුවල - කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින්, යතුරු පැදියකින් පැමිණ වෙඩි තැබීමෙන් සිද්ධියට අදාලව ආධාර අනුබල දුන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවෙකු හා සැකකාරියන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ. මොවුන් වයස අවුරුදු 33 ත් 55 ත් අතර පසුවන මල්වාන සහ රනාල ප්‍රදේශවල පදිංචිකරුවන්.