Local

ඔක්තෝම්බර් මාසයේදී විදේශ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 517 ඉක්මවයි

Tuesday, 14 November 2023 - 11:49 am

විදේශගත ශ්‍රමිකයින් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ඩොලර් මිලියන 517.4 ක මුදලක් මෙරටට එවා ඇති අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අමාත්‍යධුරයේ වැඩ භාරගත් පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා කාලයේ දී විදේශ ප්‍රේෂණ වශයෙන් ඩොලර් බිලියන 7.6 ක මුදලක් ලැබී තිබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි

ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේදී ලැබී ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඉකුත් වසරේ ඔක්තෝම්බර් මාසයේදී ලැබී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 355.4 මුදලට සාපෙක්ෂව  සියය‍ට 45.63 ක වර්ධනයක් පෙන්නුම් කරයි.  එමෙන්ම මෙම වසරේ මුල් මාස දහයක කාලය තුල විදේශ ප්‍රේෂණ වශයෙන් ඇමරිකානු ඩොලර්  මිලියන 4,862.5 එනම් බිලියන 4.8ක මුදලක් ලැබී තිබේ.

ඉකුත් වසරේ මුල් මාස දහය තුල විදේශ ප්‍රේෂණ ලෙස  ඇමරිකානු ඩොලර් මිලියන 2,929.4 ක් එනම් බිලියන 2.9 ක මුදලක් ලැබී තිබේ. ඒ අනුව ඉකුත් වසරේ මුල් මාස දහයක කාලයට සාපෙක්ෂව මෙම වසරේ මුල් මාස දහය තුල විදේශ ප්‍රේෂණ ලැබීම සියයට 66කින් ඉහළ ගොස් ඇත.

 

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT