ජනතාව තමන්ගේම නායකයෙක් පත් කරගෙන අද සතුටින් සිටින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්රී ධුර අපේක්ෂක සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.
නව පාලනය යටතේ මාලිමාවට ඡන්දය දුන් අයත් නොදුන් අයත් ඇතුළු සියලු ජනතාව සතුටින් සිටින බවද ඔහු කියා සිටියේය.
සියල්ල සම්පූර්ණ වී ඇතැයි තමන් නොකියන නමුත් නව ගමනක් ඇරඹී ඇතැයි ද ඔහු පැවසුවේය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයයේ අභියෝගයක් වන්නේ පාර්ලිමේන්තුව හොඳ මිනිසුන්ගෙන් පිරවීමේ අභියෝගය නිසා බවද හෙතෙම පැවසීය.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.