Local

අනුර මැතිවරණ පොරොන්දු කඩ කර අවසන්.. නමුත් එය රටට ඉතා යහපත්..

Thursday, 17 October 2024 - 3:58 pm

ජනාධිපතිවරණයට පෙර ජාතික ජන බලවේගය ජනතාවට මොනතරම් පොරොන්දු දුන්නත් බලයට පත් වූ පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක අනුගමනය කරන්නේත් රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තියම බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යල ආචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා පවසයි.

ඒ අනුව මැතිවරණ පොරොන්දු දැනටමත් කඩ කර අවසන් නමුත් එය රට පැත්තෙන් ඉතා යහපත් බවත් හෙතෙම කියා සිටී.

ජනාධිපතිවරණයට පෙර මැතිවරණ වේදිකාවල සිට ජාතික ජන බලවේගය ජනතාවට විවිධ පොරොන්දු දුන්නා. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අදාළව ණය තිරසරභාවය පිළිබඳව විකල්ප විශ්ලේෂණයකට යනවා කියලා ඔවුන් කිව්වා. නමුත් මේ වනතුරු ඔවුන් එවැනි විකල්ප විශ්ලේෂණයකට යොමුවෙලා නැහැ. ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළ වෙනස්කම් සිදුකිරීම සඳහා ඔවුන් මැදිහත් වෙන්නෙත් නෑ. ඒ බව ඉතාම පැහැදිලියි. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමේ සඳහන් දේවල් කිසිම වෙනසකින් තොරව ඉදිරියට ගමන් කරනවා.

ඉදිරියේදී ඇතිවිය හැකි ප්‍රධාන වෙනස්කමක් හැටියට උපයන විට ගෙවන බද්දට අදාළව වෙනස්කම් හඳුන්වා දෙන්න පුළුවන්. නමුත් මීට පෙර පැවැති රජය ඉදිරිපත් කළ කාරණා තමයි එහිදීත් මූලිකව සිද්ධවීමට නියමිතව තියෙන්නේ. ජනාධිපතිවරණය ආසන්නයේදී රනිල් වික්‍රමසිංහ මහත්මයා මීට අදාළ යෝජනා ඉදිරිපත් කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙනුත් ඒ සඳහා එකඟතාවය හිමි වුණා. ඒ වෙනස්කම් සහ තවත් බදු සහන කිහිපයක් තමයි ඉදිරියේදී මූලික වශයෙන් ලැබීමට නියමිතව තියෙන්නේ.

ඒ අනුව ජනාධිපතිවරණයට පෙර ජාතික ජන බලවේගය ආර්ථිකය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් මොන අදහස් ඉදිරිපත් කළත්, ජනතාවට මොන පොරොන්දු දුන්නත් ඔවුන් ඒ කිසිවක් ක්‍රියාත්මක කරන්න ඉදිරිපත් වෙලා නෑ කියලා අවබෝධ වෙනවා.

දේශපාලනිකව බැලුවොත් වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට පෙර ජනතාවට දුන් පොරොන්දු කඩකරලා කියලා කියන්න පුළුවන්. නමුත් ආර්ථිකය පැත්තෙන් බැලුවාම ඔහු අනුගමනය කරන ක්‍රමවේදයේ වරදක් තියෙනවා කියලා මට නම් හිතෙන්නේ නෑ. ඔහුගේ ක්‍රියාකලාපය ආර්ථිකය පැත්තෙන් ඉතාමත් යහපත් ප්‍රතිඵල ගෙන දෙනවා යන්නයි මගේ අදහස. කොහොම වුණත් පවතින ආර්ථික ප්‍රතිපත්තිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති ගිවිසුම ආදිය වෙනස් කරන්න ඡන්ද දායකයින් තුළ බලාපොරොත්තුවක් තිබුණානම්, දැනට තියෙන තත්ත්වය අනුව නම් ඔවුන්ගේ ඒ බලාපොරොත්තුව ඉටුවන බවක් පේන්නේ නෑ.

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ක්‍රියාත්මක කරන්නේත් මීට පෙර රජයේ තිබූ ආර්ථික ප්‍රතිපත්තියමයි. ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තියට එකඟ වෙනවා කියන කාරණාව පැහැදිලි වෙනවා. මේ රටේ ආර්ථිකය තිරසර කරගැනීමට නම් මින් පෙර පැවැති ආර්ථික ප්‍රතිපත්තිය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුයි කියන මූලික පදනමේ සිටිමින් තමයි නව ජනාධිපතිවරයා කටයුතු කරන්නෙත්. මැතිවරණ වේදිකාවේදී මොන පොරොන්දු දුන්නත්, පවතින තත්ත්වය අනුව පෙර රජය කටයුතු කළ ආකාරයට ආර්ථිකය පවත්වාගෙන නොගියොත් නැවැතත් ආර්ථික අර්බුදයක් ඇතිවිය හැකි බව ජනාධිපතිවරයා ඇතුළු පිරිස වටහාගෙන තියෙනවා. ඒ වටහා ගැනීම ඉතාමත් යෝග්‍යයි.

එමෙන්ම තවදුරටත් ආර්ථික කටයුතු කරගෙන යාම සඳහා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ මහ බැංකු අධිපතිවරයාට අවස්ථාව ලබාදීලා තියෙනවා. ඒ නිලධාරීන් කාලාන්තරයක් තිස්සේම ඔවුන්ගේ වටිනා සේවය රටට ලබාදුන්නා. තවදුරටත් ඔවුන්ගේ සේවය මේ රටට අවශ්‍යයි. මේ නිලධාරීන් තමයි රටේ ආර්ථිකය සම්බන්ධයෙන් බොහොමයක් තීන්දු තීරණ ගත්තේ සහ සාකච්ඡාවලට සම්බන්ධ වුණේ. ඔවුන්ට ඉහළ වෘත්තීමය සුදුසුකම් සහ අත්දැකීම් තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ සේවය ලබාගැනීමට ජනාධිපතිවරයා ගත් තීරණයත් අගය කළ යුතුයි.

ඒ වගේම අදානි සමාගම සමග එකඟ වී තිබෙන සුළං විදුලි බලයට අදාළ ව්‍යාපෘතිය නවත්තනවා කියලත් ජනාධිපතිවරණයට පෙර ජාතික ජන බලවේගය කිව්වා. නමුත් ඔවුන්ගේ ඒ ස්ථාවරය දැන් වෙනස් වෙලා. ඒ පිළිබඳව පසු විපරමක් කිරීමට තීරණය කිරීමත් සාධනීය ලක්‍ෂණයක්.


Top Stories
wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT