Local

රවී කරුණානායකගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරයි

Tuesday, 03 June 2025 - 9:18 pm

අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ගොනුකළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක වාසය කළ සුඛෝපබෝගී නිවසේ කුලිය ගෙවීම පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ප්‍රධානියා වූ අර්ජුන ඇලෝසියස්ට පැවරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

මාසික කුළිය ලෙස රුපියල් 1,450,000 ගෙවා තිබූ අතර, රවී කරුණානායක වෙනුවෙන් මාස 08ක කාලයක් අර්ජුන ඇලෝසියස් විසින් මෙලෙස කුලිය ගෙවා ඇති බවයි අල්ලස් කොමිසම මහාධිකරණය වෙත දැනුම් දී ඇත්තේ.

අල්ලස් පනත යටතේ අමාත්‍යවරයෙකුට එරෙහිව නඩු පැවරිය නොහැකි බව රවී කරුණානායකගේ නිතීඥයින් තර්කයක් මතුකර තිබුණු අතර, එය මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි සඳහන් වෙන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT