Local

පෙරහැර බලන්න ආ කාන්තාවන් දෙදෙනකුට කෝපි බොන්න දී භාණ්ඩ පැහැරගෙන.

Thursday, 11 July 2024 - 6:54 am

මඩකලපුව සිට කතරගම ඇසළ පෙරහැර නැරඹීමට පැමිණි කාන්තාවන් දෙදෙනකුට කතරගම පූජා භූමියේ පිහිටි මුස්ලිම් පල්ලියේදී නාඳුනන පුද්ගලයකු කෝපි කෝප්පයක් පානය කිරීමටදී නින්ද යාමෙන් පසු මුදල් රන්බඩු පැහැර ගෙන ගොස් ඇතැයි කතරගම පොලිසිය පවසනවා.

අදාළ කාන්තාවන් දෙදෙනා සිහි මඳ ගතිය, ක්ලාන්තය, වමනය හට ගැනීම නිසා කතරගම රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු මූලික ප්‍රතිකාර ලබාදී දෙබරවැව මූලික රෝහල වෙත යවා ඇත.

මෙම කාන්තාවන් දෙදෙනා කෝපි පානය කිරීමෙන් අනතුරුව තද නින්දට වැටීමත් සමග කෝපි ලබා දුන් පුද්ගලයා කාන්තාවන් පැළඳ සිටි කරාබු, මුදල් රුපියල් 7500 ක්, දුරකථනයක් රැගෙන ගොස් ඇති බවට කතරගම පොලිසියට ප්‍රකාශ කොට තිබෙනවා.

මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ මඩකලපුව එරාවුර් ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙක්.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT