Sports

Najmul Hossain Shanto බංග්ලාදේශ ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

Sunday, 29 June 2025 - 11:31 am

ශ්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය 1-0 කින් පරාජය වීමෙන් පසු බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් නායක Najmul Hossain Shanto බංග්ලාදේශ ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ශ්‍රී ලංකාව සමග පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී ඔහු පැවසුවේ, ටෙස්ට් නායකත්වයේ තවදුරටත් රැඳී සිටීමට තමාට අවශ්‍ය නැති බවයි.

මෙම තීරණය ගනු ලැබුවේ කණ්ඩායමේ යහපත වෙනුවෙන් බවත්, ක්‍රිකට් ආකෘති තුන සඳහා වෙන වෙනම නායකයින් තිදෙනෙකු සිටීම සුදුසු නොවන බවත්, වෙනම නායකයින් තිදෙනෙකු සමඟ කටයුතු කිරීම කණ්ඩායමට අපහසු වනු ඇතැයි සිතන බවයි ඔහු එහිදී කියා සිටියේ.

තම තීරණය දින කිහිපයකට පෙර බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දුන් බවද ෂැන්ටෝ පැවසුවා.

ඔහු 2023 නොවැම්බර් මාසයේ සිට බංග්ලාදේශ කණ්ඩායමට ටෙස්ට් තරග 14 කදී නායකත්වය ලබාදුන් අතර, ඔහු යටතේ බංග්ලාදේශය ටෙස්ට් තරඟ 04 ක් ජයග්‍රහණය කර, තරග 09 ක් පරාජයට පත්වී තිබෙනවා.

බංග්ලාදේශ එක්දින නායකයා ලෙස මේ ම‍ාසයේ මුල Mehidy Hasan Miraz පත් කරනු ලැබූ අතර, ටෙස්ට් නායකත්වයද ඔහු වෙත පවරනු ඇති බවයි වැඩිදුර‍ටත් සඳහන් වන්නේ.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT