Local

නාමල්ගේ මංගල රැලිය අද අනුරපුරේ

Wednesday, 21 August 2024 - 10:08 am

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන මංගල ජන රැලිය අනුරාධපුරයේදී අද (21) පැවැත්වේ. අනුරාධපුර, කඩපනහ ප්‍රදේශයේදී පස්වරු 2.00ට ආරම්භ වන මෙම ජන රැලිය පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබෙන අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ එම පක්ෂයේ නියෝජිතයන්, සෙසු දේශපාලන කණ්ඩායම් සහ වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළුව විශාල පිරිසක් එක්වීමට නියමිතව තිබේ.

2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ළාබාලම අපේක්ෂකයා වන අතර ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුළු කණ්ඩායම් රැසක් මෙම මංගල ජන රැලියට එක්වීමට නියමිත බව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

මෙම රැලිය සඳහා පිට පළාත්වලින් ජනතාව රැගෙන නොඑන ලෙස තමන් පක්ෂ සංවිධායකයන්ට උපදෙස් දුන් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

වෙනත් පක්ෂ සෙනඟ පෙන්වීම සඳහා පිට පළාත්වල බස්වලින් සෙනඟ ගෙනාව ද එසේ පිට පළාත්වලින් සෙනඟ ගෙන්වාගෙන ඔවුන්ගේ කාලය මුදල් විනාශ නොකළ යුතු බව ද පැවැසීය.

පොහොට්ටු පක්ෂයේ ඇතැම් පිරිස් ජනාධිපතිවරයා සමඟ එක් වුව ද ජනතාව එලෙස කටයුතු නොකරන බවත් බිම්මට්ටමේ සියලු දෙනා නැවත පොහොට්ටුව සමඟ එක්ව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT