Local

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාර්ෂික එළිමහන් ‘කලා පොළ’ කොළඹදී

Thursday, 18 April 2024 - 8:23 am

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාර්ෂික එළිමහන් කලා ප්‍රදර්ශනය වන ‘කලා පොළ’ – 2024 වැඩසටහනේ 31 වන අදියර පසුගියදා කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේදී පැවැත්විණි.මෙයට කලාකරුවන්ගෙන් සහ නරඹන්නන්ගෙන් ලැබුණේ උණුසුම් ප්‍රතිචාරය. එහි අලෙවියේ සමස්ත වටිනාකම රු:මිලියන 51 ඉක්මවීය. (මේ අගයට නව නිර්මාණ සඳහා ලබාදෙන ලද ඇණවුම්වල වටිනාකම ඇතුළත් නැත).

ශ්‍රී ලංකාවේ විශාලතම මෙන්ම දීර්ඝතම කාලයක් පැවැත්වුණු එළිමහන් කලා ප්‍රදර්ශනය ලෙස සැලකෙන කලා පොළ ප්‍රදර්ශනයට වසර 31ක ඉතිහාසයක් ඇත. මෙය ශ්‍රී ලංකාවේ චිත්‍ර හා මූර්ති ශිල්පීන්ට ගැනුම්කරුවන් මෙන්ම ක්ෂේත්‍රයේ වෙනත් වෘත්තිකයන් හා කලාකරුවන් සමඟ සම්බන්ධ වීමට ලැබෙන අගනා අවස්ථාවකි. ජෝර්ජ් කීට් පදනම සහ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය අතර පවතින දීර්ඝකාලීන හවුල්කාරීත්වයක ප්‍රතිඵලයක් වන කලා පොළ ප්‍රදර්ශනයට මෙවර චිත්‍ර හා මූර්ති ශිල්පීන් 368ක් සහ නරඹන්නන් 38,000කට අධික පිරිසක් සහභාගී වූහ.

මෙහි උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහභාගී විය.ඊට අමතරව ජෝර්ජ් කීට් පදනමේ සභාපති මාලක තල්වත්ත මහතා, එම පදනමේ භාරකාර මණ්ඩලයේ සාමාජිකයන්, ජෝන් කීල්ස් පදනමේ සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සහ එම සමූහයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

මෙහිදී ජෝර්ජ් කීට් පදනමේ සභාපති මාලක තල්වත්ත මෙසේ පැවසීය. “ප්‍රදර්ශනය නැරඹීමට විශාල පිරිසක් පැමිණියා. කලාව පැවතිය යුත්තේ සියලුම දෙනා වෙනුවෙන් බවත්, සෑම කලාකරුවකුටම තම කලාකෘති ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් තිබිය යුතු බවත් දැඩි ලෙස විශ්වාස කරනවා. කලා පොළ යනු මේ විශ්වාසය මුල්කරගත් ප්‍රදර්ශනයක්. ආරම්භයේ සිට මේ දක්වා, විශේෂයෙන්ම අපගේ හවුල්කරු වන ජෝන් කීල්ස් සමූහයේ සහයෝගය හේතුවෙන්, මේ ප්‍රදර්ශනය දැවැන්ත වර්ධනයක් අත්පත් කරගෙන තිබෙනවා. ඔබ අද මේ දකින මට්ටම දක්වා මෙය දියුණු කිරීමට ඔවුන් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළා. 1993 වසරේදී මේ ප්‍රදර්ශනයට සහභාගී වූයේ කලාකරුවන් 30ක් පමණයි. අද වනවිට ඒ සංඛ්‍යාව 350 ඉක්මවා තිබෙනවායිද පැවසීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT