Local

මීගමුවේ මහා පරිමාණ සයිබර් ජාවාරම පීසා ඇණවුමෙන් හසුකරගනී.

Thursday, 27 June 2024 - 7:11 am

ලොව රටවල් කිහිපයක් ඉලක්ක කරමින් මීගමුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහාපරිමාණ අන්තර්ජාල මූල්‍ය වංචාවකට සම්බන්ධ විදේශිකයන් ඇතුළු පුද්ගලයන් 33කු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව සමත්ව තිබෙනවා.

මේ අතර කාන්තාවන් දෙදෙනෙකුද වන බවයි පොලීසිය පවසන්නේ.

නාඳුනන පුද්ගලයෙකු විසින් වට්ස්ඇප් සමූහයකට තමන්ව එක්කරගත් බවත් ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයේ වීඩියෝ සදහා ලයික් හා කමෙට් දැමීමෙන් මුදල් ඉපයිය හැකි බවත් එම සමූහය මගින් දැනුම්දුන් බවත් එලෙස සිදු කිරීම වෙනුවෙන් අවස්ථා කිහිපයකදි තමන්ට රුපියල් 750 බැගින් මුදල් ලැබුණු බවත් පසුගිය 13 වැනි දින කාන්තාවක් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුනා.

එහිදි වැඩිදුරටත් මුදල් ඉපයීමට අවශ්‍ය නම් ඔවුන්ගේ ටෙලිග්‍රෑම් සමූහයට එක්ව මුදල් ආයෝජනය කරන ලෙස අදාල සමූහය මගින් තමාට දැනුම් දුන් බවත් ඒ අනුව තමන් මුදල් ආයෝජය කළද ඊට අදාල ලාභය ඉල්ලා සිටි අවස්තාවේදි අදාළ සමූහයේ ඇඩ්මින්වරයා පැමිණිලිකාර කාන්තාවට පවසා ඇත්තේ එම මුදල් ලබා ගැනීමට නම් බැංකු ගිණුමක් වෙත මුදලක් බැර කරන ලෙසයි.

ඒ අනුව පැමිණිලිකාර කාන්තාව රුපියල් ලක්ෂ 54ක මුදලක් අවස්ථා කිහිපකදි එම බැංකු ගිණුම වෙත බැර කළ නමුත් පොරොන්දු වූ පරිදි ලාභ නොගෙවීම හේතුවෙන් ඇය ඒ පිලිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව විමර්ශව පැවැත්වූ එම දෙපාර්තමේන්තුව විසින් මුදල් යොමු කළ බැංකු ගිණුම් දෙකක් පිළිබඳව විමර්ශණ පවත්වා ගිණුම් හිමි පිය පුතු යුවලක් පේරාදෙණිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් සිදුකල ප්‍රශ්ණ කිරීම් හමුවේ පවසා ඇත්තේ තමන්ද අදාල වංචාවට හසුවූ බවත් ජාවාරම්කරුවන්ගේ දැනුම්දීම මත බැංකු ගිණුම් දෙක ආරම්භ කල බවයි.

වැඩිදුර විමර්ශනයේදී අදාල බැංකු ගිණුම් මගින් ඔන්ලයින් හරහා ලබා දී තිබූ පීසා ඇණවුමක් පිළිබඳ විමර්ශකයින්ගේ අවදානය යොමුව ඇති අතර එම පීසා ඇනවුම මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි සුඛෝපබෝගි නිවසකට ලබාදුන් බවට හෙළිව තිබෙනවා.

ඒ අනුව පසුගිය 24 දා රාත්‍රියේ අදාල නිවස වටලා ඇති අතර ඒ අනුව මෙම ඔන්ලයින් ජාවාරම සිදුකරන ලද කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු පුද්ගලයක් 14ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්ණ කිරීම් හමුවේ මීගමුව පොරතොට ප්‍රදේශයේ පිහිටි තවත් සුඛෝපභෝගී නිවසක්ද වටලා එහි සිටි පුද්ගලයන් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT