Local

නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

Saturday, 11 November 2023 - 2:54 pm

අත්තනගලු ඔය ද්‍රෝණිය සදහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇගවීම් ඉදිරි පැය 24 සඳහාද දීර්ඝ කර තිබේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 08ක පවුල් 5992ක පුද්ගලයන් 23132 නෙකු ආපදාවට ලක්ව සිටි.

දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කර ඇති නායයැමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් බලපැවැත්වේ.

ඒ අනුව බදුල්ල , කොළඹ , හම්බන්තොට , මහනුවර ,කෑගල්ල , කුරුණෑගල ,මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 08 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට මෙලෙස අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.

වලස්මුල්ල කොහොලාන ප්‍රදේශයේ නිවසක පැති බැම්මක් අධික වර්ෂාවත් සමඟ පෙරළී ගොස් තිබේ.

එමෙන්ම කණුමුල්දෙණිය මී ඇල්ල යන ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එම ප්‍රදේශයේ කුඹුරු රැසක් ජලයෙන් යටව ඇත.

වේයන්ගොඩ වටද්දර ප්‍රදේශයේදී දිය පහරට හසුවී ගසා ගෙන ගිය පාසල් ශිෂ්‍යයෙකු බේරා ගැනීමට හැකිවී තිබේ. මෙම ශිෂ්‍යයා තවත් අයෙකු සමඟ ජලයේ ක්‍රීඩා කරමින් සිටියදී ගසා ගෙන ගොස් ඇති අතර එය දුටු වෙනත් අයෙකු වහාම ජලයට පැන පාසල් ශිෂ්‍යා බේරාගෙන ඇතැයි වාර්තා වේ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT