Local

ඉදිරි දින කිහිපය තුළ තත්ත්වය සමනය කරනවා - විජිත

Thursday, 24 October 2024 - 6:48 pm

ඉදිරි දින කිහිපය තුළ ඇතිව තිබෙන තත්ත්වය සමනය කිරීමට හැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (24) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය. 

'අපි දින කිහිපයකින් මේ තත්ත්වය යථා තත්ත්වයට පත් කරනවා. එතකොට දැනට ඇමෙරිකා එක්සත් ජනපදය සහ තවත් රටවල් කිහිපයකින් ලබාදී තිබෙන අවවාදාත්මක පණිවිඩයත් ඉවත් කරගන්න පුළුවන්. ඒ අය දැනටමත් සෑහිමකට පත් වෙලා තිබෙනවා අපි ගත් ක්‍රියාමාර්ග පිළිබඳව. ඒ නිසා ඒ අයගේ පැත්තෙන් විශ්වාසයක් ඇති වෙලා තියෙනවා තමන්ගේ රටේ පුරවැසියන් අපේ රට තුළ සංචාරක කටයුතු වලට එවන්න. සංචාරකයින් පැමිණිමේ නැවතීමක් වෙලා නැහැ. පෙරේදාත් ඊශ්‍රායල ජාතිකයින් ලංකාවට ඇවිල්ලා තිබුණා එහෙම ප්‍රශ්නයක් නැහැ. පැමිණ ඉන්න අය තමන්ගේ සංචාරක කටයුතු නිදහසේ කරනවා. ඒවාට බාධාවක් නැහැ. ඉතිං මේ තත්ත්වය දැනමත් අපි පාලනය කරලා තියනවා. අපි ගත යුතු සෑම පියවරක්ම අරගෙන තියෙනවා. ඒ නිසා කිසිදු ආකාරයක චකිතයක් ඇතිකරගත යුතු නෑ. ජාතික වශයෙන් ගත්තාම අපේ රටේ පුරවැසියන් ඉලක්ක කරලා යම් කැලඹිලිකාරි තත්ත්වයක් ඇති කරනවා කියලා වාර්තා වුණේ නෑ. ඒ නිසා එවැනි තත්ත්වයක් තුළ අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නෑ. 

විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රය පවත්වාගෙන යන ආයතනවලටත් අපි දැනටමත් දැනුමත් දීලා තියනවා. ඒ ඒ හෝටල්වල ආරක්ෂක විදික්‍රම පාවිච්චි කරන්න, පරික්ෂා කිරීම් කරන්න. ඒ වගේම අපි ජනතාවටත් කියලා තියෙනවා යම් කිසි තොරතුරක් වාර්තා වෙනවානම් දුරකථන අංකයක් අපි දීලා තියනවා හදිසි ඇමතුම් ලබා ගන්න පුළුවන් ඒ හරහා දැනුම් දෙන්න කියලා. ඒ නිසා මේ තත්ත්වය පාවිච්චි කරලා අනවශ්‍ය බියවැද්දීම්, දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරන්න එපා. අපි වගකිය යුතු රජයක් විදිහට ගතයුතු, ගතහැකි සෑම ආරක්ෂක පියවරක්ම අරගෙන තියෙනවා.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT