Business

නාවලපිටියෙන් කල එළි බහින ව්‍යවසායකත්වයේ රන් සලකුණ ශාන්ත අන්දෲගේ බාලිකා මහා විද්‍යාලය

Wednesday, 07 August 2024 - 10:10 am

අද අපේ ගමන මැදි පළාතේ නාවලපිටියට. එම නගරයේ හරි මැදට වන්නටයි ශාන්ත අන්දෲගේ බාලිකා විද්‍යාලය (St.Andrew’s Balika M.V) පිහිටා තිබෙන්නේ. එතරම් විශාල ඉඩකට හිමිකම් කියන පාසලක් නොවුණත් නගරයේ, මහා මාර්ගයට ආසන්නව පිහිටා තිබීම අලෙවි පොළ ආදී කටයුතුවලටත් පහසුවක්. ඒ උදෙසාම කුඩා කරත්තයක් සකස් කිරීමටත් මේ සිසුවියන් පෙලඹී තියෙනවා. සැබැවින්ම, ව්‍යවසායකත්වය දියුණු කිරීම ඔස්සේ මෙරට සංවර්ධනය කඩිනම් කිරීම ජාතික අවශ්‍යතාවක්. එම ඉලක්කය ජය ගැනීමට පාසල් මට්ටමේ සිටම ව්‍යවසායකයන් සවිබල ගැන්වීමේ කර්තව්‍යයට තවදුරටත් මේ විද්‍යාලයෙන් ලැබෙන්නේ මහඟු පිටිවහලක්. මේ එහි වගතුගයි.

අධ්‍යාපන හා කර්මාන්ත අමාත්‍යාංශ එක්ව දියත් කරන, පාසල් ව්‍යවසායකත්ව කව පිහිටුවීමේ ජාතික වැඩසටහන නාවලපිටියටත් පැමිණියේ ඉකුත් වර්ෂයේදීයි. එහෙත් ඒ වන විටත් වත්මන් විදුහල්පතිනි, අයි. ඒ. ඩී. වී. ආර්. ඉද්දමල්ගොඩ මහත්මියගේ මඟ පෙන්වීම යටතේ, ශාන්ත අන්දෲගේ බාලිකා විද්‍යාලය අලෙවි පොළ ආදිය සංවිධානය කරමින් ව්‍යවසායකත්වයේ අගය දියණිවරුන්ට වටහා දීමේ කර්තව්‍යයේ නියැළිණ. එය වඩා වැඩි සූදානමකින්, පන්නරයකින් යුතුව ව්‍යවසායකත්වය නැංවීමේ අභියෝගයට මුහුණ දීමේදී මේ වැඩසටහන එම පාසලට මහඟු සවියක්. වාණිජ්‍ය දිනය මෙන්ම නව නිපැයුම් දිරි ගැන්වීම මුල් කර ගෙන, ලංකා වාණිජ්‍ය මණ්ඩලය මඟින් පැවැත්වූ කලාපීය පාසල් ව්‍යවසායිකාවන් අතර පැවැති තරගවලදීත් මේ විදුහල කැපී පෙණින. එහිදී අවට පාසල් අබිබවමින් මෙහි ව්‍යාපාර සැලසුමට මෙහිදී පළමු තැන හිමිවිය. හොඳම ව්‍යාපාර සැලසුම තේරීමේ තරගයේදී මධ්‍යම පළාතේ හොඳම 20 දෙනා අතුරෙන් 6 දෙනකුම මේ විද්‍යාලයීය ශිෂ්‍යාවන්. එසේම එහි අවසන් 6 දෙනා අතරටත් ශාන්ත අන්දෲ බාලිකා විද්‍යාලයීය සිසුවියක් තේරීමත් විශාල දිනුමක්. එය සංවිධානය කිරීම හා ජයග්‍රාහකයන්ට මඟ පෙන්වීම පිළිබඳ අන්දෲගේ බාලිකා විද්‍යාලය වෙනුවෙන් එහි විදුහල්පතිනිය වාණිජ්‍ය මණ්ඩලයටත් ස්තුතිය පළ කරනවා.

ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ අතහිත ලැබෙමින් පැවතියදී ලංකා කාර්මික මණ්ඩලයේ සහයෝගයද ලැබීම මේ විද්‍යාලය ලද තවත් අත්වැලක්. එමෙන්ම ඒ තරගයට යොමු කළ කාර්මික සංවර්ධන මණ්ඩලයේ අත හිත ලැබීම හරහා අද වන විට නාවලපිටිය ශාන්ත අන්දෲ බාලිකා විද්‍යාලය ව්‍යවසායකත්වය අතින් පෙරටම පැමිණ තිබෙන වගත් මේ විද්‍යාලයේ ව්‍යවසායකත්ව කව භාරව කටයුතු කරන, එහි වාණිජ අංශ ප්‍රධානි, ශ්‍යාමලී ඕවිටියාවත්ත මහත්මිය අවධාරණය කරයි. ඒ විශිෂ්ටත්වය සමඟ ‘ව්‍යවසායකත්ව රජ දරුවෝ’ වැඩසටහනින් Industry TV මඟින් ලොවටම ඉකුත්දා මේ විද්‍යාලයේ දක්ෂතා එළි දක්වන ලදී.

ව්‍යවසායක කවයන්හි කටයුතු කළමනාකරණයට වෙනමම අංශයක්, ව්‍යවසායකත්ව කව සාමාජිකාවන් අතුරෙන්ම මෙහි අරඹා තිබෙනවා. ඒ, ANDREW’S WISDOM WORKERS (0773936278) නමින්. ඒ තවත් විශේෂත්වයක්. එන්ද්‍රා ෂෆ්නා උස්මාන් (ප්‍රධාන විධායක නිලධාරි), හෂානි තරුෂිකා (අලෙවිකරණ නිලධාරි), චමෝදි තරුෂිකා (ගණකාධිකාරි), ඉමාලි ආලෝකා (නිෂ්පාදන සම්බන්ධ නිලධාරි) එහි කිහිප දෙනෙකි. පාසලේ විවිධ උත්සවවලදී ත්‍යාග ව්‍යවසායක කව අතුරෙන්ම සපයා ගනිමින් ඒ නිර්මාණකාරිනියන්ට එම මුදල් ගෙවීමට කටයුතු කරන බවත් ව්‍යවසායකත්ව කව භාර ආචාර්යවරිය පවසයි. ලී ඇසුරෙන් විසිතුරු භාණ්ඩ සැකසීම, බිත්ති සැරසිලි, පාවහන් සැරසිලි, කොණ්ඩා කටු, විසිතුරු කරාබු, බෑන්ඩ්, පාසල් බෑග්, ලෑම්ප්ෂේඩ්, විසිතුරු බෑග් නිපදවන මේ විද්‍යාලයේ නිපැයුම් අතුරෙන් අමු රෙදිවලින් මසා නිම කරන බෑගයට පාරිභෝගිකයන්ගේ විශේෂ කැමැත්තක්, අවධානයක් යොමු වී තියෙනවා. ප්‍රනීත ආහාරපාන සකසමින් ඒවා අලෙවියත් ඊට අයත්. මාර්ගගතව මේ නිෂ්පාදන සඳහා ඇණවුම් භාර ගැනීමටත් ශාන්ත අන්දෲ දැරියන් සූදානමිනි.

එමෙන්ම, මේ වන විටත් වෙළෙඳපොළට වට්ටක්කා ටොෆි, කාඹරංගා ජෑම්, අළු කෙසෙල් බිස්කට් ආදී පරිසරයෙන් පහසුවෙන් සපයා ගත හැකි අමුද්‍රව්‍ය ඇසුරෙන් නිෂ්පාදන කිරීම නාවලපිටිය අවට ප්‍රදේශවාසීන්ගේ ප්‍රශංසාවට ලක් වන්නක්. නාවලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කෙරුණු අලෙවි පොළහිදී වෙළෙඳ කුටියක් මේ විද්‍යාලයට ලැබුණේත් ඒ කීර්තිනාමය නිසාමය. මෙහි 9 වැනි ශ්‍රේණියේ උදානි ශෂිකලා, උදානි ප්‍රොඩක්ට්ස් දැනටමත් වෙළෙඳපොළට එක් කරනවා. ඒ අතර කාමරංගා ජෑම්, වට්ටක්කා ජෑම් ආදිය වෙනවා. ඊට තවදුරටත් අතහිත ලැබිය යුතු බව කාගේත් පෙන්වා දීමකි. ඉකුත්දා කොළඹදී පැවැති Industry 2024 කර්මාන්ත හා වෙළෙඳ ප්‍රදර්ශනයේදීත් එය එසේම විය.


Top Stories
wedivistara

ආණ්ඩුකාරවරුන්ට ජනපති දුන් උපදෙස

wedivistara

කොළඹ වරායේ බදු සහන හිමිවන අලුත්ම පිරිස

wedivistara

ශ්‍රී ලංකාවට චීනයෙන් රුපියල් කෝටි තුනක පරිත්‍යාග..

wedivistara

රනිල් හිටියා නම් IMF සිවු වැනි වාරිකයත් ගන්නවා..

wedivistara

ජනාධිපති අවබෝධයෙන් බොරු කියලා තියෙනවා.. ඒවායින් අපට හානි වුනා..

wedivistara

සහල් මිල ඉහල යාම කෘතිමයි.. මිල පාලනය ඉවත් කරන්නෑ..- ඩඩ්ලි, නිපුන හමුවී ජනපති කියයි..

Trending
wedivistara

අනුරට තනිවම රට හදන්න බෑ..- අගමැතිනි

wedivistara

පඩිය ලක්‍ෂයට වැඩි නම් බදු වාර්තා එවන්න.. අවසන් දිනය නොවැම්බර් 30…

wedivistara

ප‍්‍රදේශ රැසක ඌරන් මිය යයි.. ඌරුමස් කෑම අවදානම්..

wedivistara

අධ්‍යාපනයට 6%ක් වෙන් කිරීම ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියයි..- ආණ්ඩුකාර

wedivistara

මා ජනාධිපති වී ආර්ථිකය ස්ථාවර කලා..- ජනපති

wedivistara

අඩු කරපු විදුලි බිලට මොකද වුණේ ?


NEWS ALERT