Local

මහා­චාර්ය අර්ජුන තන­තුරු අත්හ­රියි

Friday, 20 September 2024 - 9:56 am

ශ්‍රී ලංකා උත්තේ­ජක මර්දන නියෝ­ජ්‍යා­ය­ත­නයේ (SLADA) සභා­පති ලෙස වසර 13ක් සේවය කළ මහා­චාර්ය අර්ජුන ද සිල්වා මහතා එම තන­තු­රෙන් ඉල්ලා අස්වෙයි. මෙයට සති ගණ­නා­ව­කට පෙර ගත් එම තීර­ණය ඊයේ පැවති මාධ්‍ය හමු­ව­කදී නිල වශ­යෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

වින­ය­වත් පිරි­සිදු ක්‍රීඩා­වක් පවත්වා ගැනීම උදෙසා වසර 2011 සිට ශ්‍රී ලංකා උත්තේ­ජක මර්දන නියෝ­ජ්‍යා­ය­ත­නයේ ප්‍රධා­නියා ලෙස කට­යුතු කළ ඒ මහ­තාගේ නාය­ක­ත්ව­යෙන් තහ­නම් උත්තේ­ජක පරි­පා­ලන කට­යුතු වෙනු­වෙන් නව නිව­හ­නක් ඉදි­කළ අතර, ශ්‍රී ලංකාව ආසි­යානු කලා­පයේ 6 වැනි ස්ථානය දක්වා ඉදි­රි­යට ගෙන ආවේය.

උත්තේ­ජක මර්දන නියෝ­ජ්‍යා­ය­ත­නය ලෙස ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රග­තිය හේතු­වෙන් ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය (අයි­සීසී) යටතේ පව­තින තර­ගා­ව­ලි­වල තහ­නම් උත්තේ­ජන පරීක්ෂා ලබා­දී­මට එක­ඟවී ඇතැයි ද ඒ මහතා පැව­සීය. එයින් ඉදි­රි­යේදී ශ්‍රී ලංකා­වට විශාල ඩොලර් ආදා­ය­මක් ලබා­ගත හැකි බව මහා­චා­ර්ය­ව­රයා පෙන්වා දුන්නේය.

“ගෙවී ගිය කාලය තුළ අප ලැබූ ප්‍රග­තිය විශා­ලයි. ඒ නිසාම කිසිදු ජාත්‍ය­න්තර තර­ග­ය­කදී අපේ ක්‍රීඩ­ක­ය­කුට තහ­නම් උත්තේ­ජක චෝදනා එල්ල වෙලා නෑ. දෙක තුනක් ශ්‍රී ලංකාවේ පැවති තර­ග­ව­ලදී වාර්තා වුණා. අපි කඩා පැනලා පරී­ක්ෂණ කර­න­වාට වඩා තහ­නම් උත්තේ­ජක භාවි­ත­යෙන් සිදු වන විපාක සම්බ­න්ධ­යෙන් අධ්‍යා­පන වැඩ­ස­ට­හන් කර­නවා. හරි වේලා­වට තන­තුරු අත්හල යුතුයි. තවත් කෙනෙ­කුට අව­ස්ථාව දීලා තන­තු­රෙන් ඉව­ත්වී­මට තීර­ණය කළා” මහා­චාර්ය අර්ජුන ද සිල්වා මහතා පැව­සීය.

වසර 2013දී තහ­නම් උත්තේ­ජක මර්දන පනත පාර්ලි­මේ­න්තුවේ සම්මත වූ අතර, එය ජාත්‍ය­න්තර ප්‍රජා­වගේ පැස­සු­මට ලක්විය. 2016 සිට 2019 දක්වා අර්ජුන ද සිල්වා මහතා දකුණු ආසියා තහ­නම් උත්තේ­ජක මර්දන සභා­ප­ති­ව­රයා ලෙස ද කට­යුතු කළේය. මේ මාධ්‍ය හමු­වට ශ්‍රී ලංකා උත්තේ­ජක මර්දන නියෝ­ජ්‍යා­ය­ත­නයේ අධ්‍යක්ෂ ජන­රාල් වෛද්‍ය ශිරෝමි පිල­පි­ටිය හා වෛද්‍ය ධම්මික සේනා­නා­යක මහතා ඇතුළු විශාල පිරි­සක් එක්ව සිටි­යහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT