Local

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Sunday, 18 May 2025 - 1:18 pm

බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්වේ.

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇත.

වයඹ, උතුරු-මැද, උතුරු සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.


Top Stories
wedivistara

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

wedivistara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

wedivistara

දහම් පාසල් ගුරුවරුන්ට ලබන වසරේ සිට දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ

wedivistara

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

wedivistara

භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා - පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට


NEWS ALERT