Local

පාරිසරික අභියෝගවලට මුහුණ දීමේදී තරුණ පරම්පරාවට තීරණාත්මක කාර්යභාරයක් පැවරී තිබෙනවා

Friday, 22 December 2023 - 9:32 pm

– ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා

පාරිසරික අභියෝගවලට මුහුණ දීමේදී තරුණ පරම්පරාවට තීරණාත්මක කාර්යභාරයක් පැවරී ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.
ගෝලීය දේශගුණ විපර්යාස අවම කිරීමේ ප්‍රයත්නයන්හිදී ශ්‍රී ලංකාව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමේ වැදගත්කම අවධාරණය කළ ඒ මහතා මේ වන විටත් පරිසරය වෙනුවෙන් තරුණ ප්‍රජාව දක්වන කැපවීම අගය කරන බවද සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ ඊයේ (20) ජනාධිපති කාර්යාලයේදී පැවති තරුණ නායකයින්ගේ සේවය ඇගයීමේ අවස්ථාවට එක්වෙමිනි.

විවිධ ක්ෂේත්‍රවල කුසලතා දැක්වූ මෙරට තරුණ නායක නායිකාවන් 23දෙනෙකු ඇගයීමට ලක් කිරීම වෙනුවෙන් ලියෝ සමාජය විසින් මෙම ඇගයීම් උළෙල සංවිධානය කර තිබුණි.
ඒ අනුව තෝරාගත් පාසල්වල ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකාවන් සහ උප ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකාවන්ද, ජාත්‍යන්තර ලියෝ සමාජ සභාපතිවරුන් සහ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ද ඔවුන්ගේ විශිෂ්ට නායකත්ව කුසලතා වෙනුවෙන් මෙහිදී ඇගයීමට ලක්විය.

මෙහි ප්‍රධාන දේශනය පැවැත්වූ සාගල රත්නායක මහතා, සමාජ කටයුතුවලදී තරුණ පරපුර විසින් ලබා දුන් දායකත්වය අතීතයේ සිට වර්තමානය දක්වා විකාශනය වී ඇති ආකාරය පැහැදිලි කළේය.

පාරිසරික අභියෝගවලට මුහුණ දීමේදී තරුණ පරම්පරාවට පැවරෙන තීරණාත්මක කාර්යභාරය අවධාරණය කළ ඒ මහතා, වර්තමානයේදී පරිසරය පිළිබඳ තරුණයින් විසින් දක්වන අවධානය ඇගයීමට ලක් කළේය. පාරිසරික ගැටළු සඳහා තරුණ තරුණියන්ගේ කැපවීම අගය කළ සාගල රත්නායක මහතා ගෝලීය දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීමේ ප්‍රයත්නයන්හිදී ශ්‍රී ලංකාව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව සතුව පවතින අවස්ථාවන් පිළිබඳව ගෙනහැර දක්වමින් හරිත හා නවීන ආර්ථිකයක් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ දැක්ම පිළිබඳව ඒ මහතා මෙහිදී පැහැදිලි කළේය. අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමේදී මුහුණ දීමට සිදුවූ මූලික අභියෝග මෙන්ම තිරසර සංවර්ධනයක් ඇති කිරීම සඳහා නිවැරදි වැඩපිළිවෙලක් ස්ථාපිත කිරීම වෙනුවෙන් රජය කැපවී සිටින බවද සාගල රත්නායක මහතා අවධාරණය කළේය.

රටේ ආර්ථික ප්‍රකෘතිය සඳහා තරුණ තරුණියන්ට සිදුකළ හැකි කාර්යභාරය පිළිබඳ සිහිපත් කරමින්, ඒ සඳහා ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළ සාගල රත්නායක මහතා ශ්‍රී ලංකාවට සමෘද්ධිමත් අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් රජය සමඟ අඛණ්ඩ සහයෝගයෙන් කටයුතු කරන ලෙසද ඉල්ලා සිටියේය.

මෙම උත්සවය සංවිධානය කිරීම වෙනුවෙන් විශේෂයෙන් බිනුජ අමරනායක මහතා ඇතුළු ලියෝ සමාජයට සාගල රත්නායක මහතා සිය ස්තුතිය පළ කර සිටි අතර ඉදිරියේදී තරුණ තරුණියන් සමඟ සම්බන්ධ වීමට තවත් මෙවැනි අවස්ථා උදාවනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කළේය.

රටේ අභිවෘද්ධිය වෙනුවෙන් තරුණ තරුණියන් සක්‍රීයව දායක කර ගන්නා ලියෝ සමාජය වැනි වැඩසටහන් පෝෂණය කිරීම සඳහා විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රය ලබාදෙන දායකත්වයද මෙහිදී සාගල රත්නායක මහතාගේ පැසසුමට ලක්විය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය අමාත්‍ය කංචන විජේසේකර, තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න, ජාත්‍යන්තර ලියෝ සමාජ වැඩසටහන් උපදේශක ලසන්ත ගුණවර්ධන, උපකුලපතිවරුන්, විදුහල්පතිවරුන්,මාණ්ඩලික උපදේශකවරුන්, ලියෝ සමාජයේ උපදේශකවරුන් , පාසැල්වල ප්‍රධාන ශිෂ්‍ය නායකයින් සහ ශිෂ්‍ය නායකයින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT