Local

ගාල්ල වරාය වාණිජ හා විනෝදාස්වාද වරායක් ලෙස සංවර්ධනය​ට කැබිනට් අනුමැතිය

Tuesday, 05 March 2024 - 4:46 pm

ගාල්ල වරාය වාණිජ හා විනෝදාස්වාද වරායක් ‌ලෙස සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැති​ය හිමිව තිබෙනවා.

ඒ අනුව ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතියට සම්බන්ධ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා විනෝදාස්වාද කටයුතුවලට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව පදනම යටතේ සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම පිණිස අභිලාෂ ‍ප්‍රකා​ශ කිරීම් කැඳවීම සඳහා 2023-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබූ බවයි සඳහන් වෙන්නේ.

ඒ් අනුව දියකඩනය, ගැඹුරු මගී නැංගුරම්පොළ (වාප්පුව), රැඳවුම් බැම්ම, මුහුදු තාප්පය, ඇළ මාර්ග කැණීම් සහ ඉඩම් ගොඩකිරීම් ආශ්‍රිත සමුද්‍රිය ව්‍යුහ හා ‌ගොඩකරන ලද ඉඩම්වල පසුකාලීන මිශ්‍ර සංවර්ධන කටයුතු මුල්‍ය පහසුකම් යොදවා ඉදිකර, මෙහෙයුම් කර, පවරාදීමේ පදනම මත ගාල්ල වරාය සංවර්ධනය කිරීමේ යෝජිත ව්‍යාපෘතිය සඳහා ආයෝජකයෙකු තෝරා ගැනීම පිණිස අභිලාෂ කැඳවීම/ යෝජනා සඳහා ඉල්ලීම් කැඳවීම සඳහා මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්. 

news images


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT