Local

ඉහලම ලොක්කෙක් අල්ලස් ගනිද්දී අත්අඩංගුවට..

Wednesday, 16 October 2024 - 12:51 pm

නැගෙනහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු රුපියල් ලක්‍ෂ දෙකක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට පත්ව ඇත.

අල්ලස් කොමිසම පැවසුවේ ලැබුණු තොරතුරක් මත මඩකලපුව කාර්යාලයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය.

පුද්ගලයකු මඩකලපුවේ පර්චස් 65ක ඉඩමක් මිලදී ගැනීමේදී පළාත් ආදායම් දෙපාර්තමේන්තුව විසින් එය නැවත තක්සේරු කිරීමෙන් පසු දන්වා ඇත්තේ ඔහු අමතර රු 850,000 බදු සහ දඩ මුදලක් ගෙවන ලෙසයි.

නමුත් නියෝජ්‍ය කොමසාරිස්වරයා එම ගෙවීම වෙනුවට රු 200,000ක අල්ලසක් ලබා ගැනීමට යෝජනා කර ඇති අතර එය ලබා ගැනීමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් නිලධාරියා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT