Local

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස නියෝගයක්

Saturday, 16 December 2023 - 8:06 am

රජයේ සේවයේ නිරතව සිටින විශේෂඥ වෛද්‍යවරු ඇතුළු වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වයස අවුරුදු 63 ක් දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (15) නියෝග කළා.
රජයේ සේවයේ නිරතව සිටින විශේෂඥ වෛද්‍යවරු ඇතුළු වෛද්‍යවරු වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට රජය ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක් කරමින් විශේෂඥ වෛද්‍යවරු 176 දෙනෙකු ඇතුළු වෛද්‍යවරුන් විසින් රිට් පෙත්සම් 4 ක් ගොනුකළ තිබුණා.
ඊට අදාළ තීන්දුව ලබාදෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා. 
ඒ අනුව රජයේ සේවකයින් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අදාළව නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයේ 'වෛද්‍යවරුන්ට' අදාළ කොටස අහෝසි කරමින් රීට් ආඥාවක් නිකුත් කරන බවද තීන්දුවේ සඳහන් වෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT