Local

යාපනයේ සංහිදියා උපදේශක කමිටු සාමාජිකයන්

Tuesday, 16 January 2024 - 10:59 am

ග්‍රාමීය වශයෙන් ජාතික සංහිදියා කමිටු පිහිටුවීමේ වැඩ පිළිවෙළ යටතේ යාපනය දිස්ත්‍රික් සංහිදියා සමාජ උපදේශක කමිටු සාමාජිකයින් හට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (15) යාපනය නාග විහාර බෞද්ධ මධ්‍යස්ථානයේදී අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ,ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

යාපනය නාග විහාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී මීගහජදුරේ සිරිවිමල නායක ස්වාමින් වහන්සේ ඇතුළු සර්ව ආගමික නායකයින්ට හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වී. ආනන්ද සංගරි මහතාට යාපනය දිස්ත්‍රික් සංහිදියා සමාජ උපදේශක කමිටු සාමාජිකයින් වශයෙන් පත්වීම් ලබාදීම මෙහිදී සිදු විණි.

අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ, අනුරාධ ජයරත්න, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වු කාර්යාලයේ සභාපති චරිත් මාරඹේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වී. ආනන්ද සංගරි යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක් වුහ.

 
 
 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT