International

අභිරහස් නෞකාවක සුන්බුන් කැනඩාවේ Newfoundland වෙරළට

Sunday, 04 February 2024 - 10:42 am

කැනඩාවේ Newfoundland වෙරළට ගසාගෙන ආ අභිරහස් නෞකාවක සුන්බුන් පිළිබඳව Newfoundland ප්‍රදේශවාසීන්ගේ අවධානය යොමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Wanda Blackmore නම් කාන්තාව පවසා ඇත්තේ තම පුත්‍රයා වෙරළට ගොස් සිටියදී මීටර් 24ක් දිග ලී නැව දැක ඇති අතර එය 19 වැනි සියවසට අයත් යැයි සිතිය හැකි බවයි.

මෙම සුන්බුන් Newfoundland ඉතිහාසයේ වැදගත් කොටසක් විය හැකි බව එහි ප්‍රදේශවාසීන් සඳහන් කරනවා.

එමෙන්ම විශේෂඥයින් එම සුන්බුන් කොටස්වල ඉතිහාසය අනාවරණය කර ගැනීමට උත්සහ කරමින් සිටින බව සඳහන්.

ඒ අනුව පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් විසින් අද(03) සුන්බුන් ගවේෂණය කිරීමට නියමිත අතර මෙම විශේෂිත නෞකාව කවදා ගොඩනඟා ඇතිද සහ ඇයිද යන්න පිළිබඳ හෝඩුවාවන් රැස් කර ගැනීමට නියමිතයි .

මේ දිනවල පවතින ප්‍රබල රළ නිසා නැව වෙරළෙන් ඉවතට හා ගැඹුරු ජලය දෙසට ඇදගෙන යා හැකි බැවින් මෙම කණ්ඩායමට ඔවුන්ගේ ගවේෂණ හැකි ඉක්මනින් සම්පූර්ණ කිරීමට සිදුවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT