Local

ටින් අංකය හා බදු ලියාපදිංචියෙන් ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු ගණන ලක්ෂ 8 1/2 පනී

Tuesday, 22 October 2024 - 10:31 am

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (ටින් අංකය) සඳහා ලියාපදිංචි කිරීම් සහ ආදායම් බදු සඳහා ලියාපදිංචි කිරීම් අනුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු පුද්ගලයන් සංඛ්‍යාව 2023/24 තක්සේරු වර්ෂයේදී 868,009 දක්වා වර්ධනය වී ඇතැයි, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පවසයි.

2022/2023 තක්සේරු වර්ෂයේදී ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු පුද්ගලයන් සංඛ්‍යාව 333,313ක් විය.

දේශීය ආදායම් පනතට කරනු ලැබූ සංශෝධන සහ 2023.05.3 වැනිදා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව බදු ගෙවන්නා හැඳින්වීමේ අංකය (ටින් අංකය) සඳහා ලියාපදිංචි කර ගැනීමට සහ ආදායම් බදු සඳහා පුද්ගලයන් ලියාපදිංචි කර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් දියත් කරන ලද වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස මෙසේ ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු පුද්ගලයන් සංඛ්‍යාව 534,696 කින් වැඩි වී ඇත.

ව්‍යාපාරිකයන්, වෘත්තීයවේදීන්, වත්කම් හිමිකරගත් පුද්ගලයන් වැනි පිරිස් පිළිබඳව වැඩි අවධානයක් යොමු කොට ආදායම් බදු සඳහා පුද්ගලයන් ලියාපදිංචිය පුළුල් කරගෙන ඇති බව ද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය පවසයි.

එම පුද්ගලයන් මාර්ගගත ක්‍රමය ඔස්සේ තම ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු බව ද එසේම ගෙවීමක් උද්ගත වුවහොත් භාවිතා කිරීම සඳහා ගෙවීම් පත්‍රිකාවක් ද තැපැල් මගින් ඔවුන් වෙත යවා ඇති බව ද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කරයි.

ආදායම් වාර්තාව මාර්ගගත ක්‍රමය භාවිතයෙන් එවීමට යම් අයකුට අපහසුතාවක් ඇත්නම් ඔවුන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හෝ එම දෙපාර්තමේන්තුවේ ඕනෑම ප්‍රාදේශීය හෝ නගර කාර්යාලයකට පැමිණ සහාය ලබාගත හැකි බව ද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය තවදුරටත් පවසයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT