Local
නිල බලලා, සමීක්ෂණ කරලා තමයි රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න තීරණය කළේ - අකිල
Saturday, 22 June 2024 - 8:41 am
ජයග්‍රහණය කළ නොහැකි නම් රනිල් වික්‍රමසිංහ ඡන්දයට ඉදිරිපත් නොවන බවට ඇතමුන් ප්‍රකාශ කළද ඔහු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් පවසනවා.
ඒ අනුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හොඳින් නිල බලා සමීක්ෂණ කර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි උත්සවයක් අමතමින් ඔහු සඳහන් කළේ.
දෙමළ මුස්ලිම් ඡන්ද කොපමණ ප්‍රමාණයක් තමන්ට ලැබෙනවාද, පොහොට්ටුවේ 69 ලක්ෂයෙන් තමාට කොච්චර ලැබෙනවාද, එක්සත් ජාතික පක්ෂයට නොලැබු ඡන්ද ප්‍රමාණයද ලබා ගන්නා ආකාරය ජනාධිපතිවරයා දන්නා බවද ඔහු සඳහන් කළා.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයෙන් නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බව දන්නා බවයි එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් වැඩිදුරටත් සඳහන් කළේ.