Local

ජාතික සෞඛ්‍ය පර්යේෂණ සම්මන්ත්‍රණය - 2023 නොවැම්බර් 13 – 14 දෙිදන

Saturday, 11 November 2023 - 7:21 am

ජාතික සෞඛ්‍ය පර්යේෂණ සම්මන්ත්‍රණය - 2023 බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී නොවැම්බර් 13 – 14 දෙිදන පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම් කර ඇත.

මෙම ජාතික සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහභාගී වීමට නියමිතය.

තෙවන වරට පවත්වන මෙම සම්මන්ත්‍රණය සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යාපන, පුහුණු සහ පර්යේෂණ අංශය මගින් සංවිධානය කරනු ලබයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නියුතු පර්යේෂකයින්ගේ, පර්යේෂණ ඉදිරිපත් කිරීමට හා ඒ පිළිබදව සාකච්ජා කිරීමට අවශ්‍ය වේදිකාව සලසා දීම මෙහි ප්‍රධාන අරමුණයි. මේ සදහා සෞඛ්‍ය සේවාවේ සියලුම වෘත්තිකයින් සදහා අවස්ථාව ලබා දී ඇති අතර විදේශීය රටවල පර්යේෂකයින් මේ සදහා සම්පත් දායකත්වය ලබා දෙයි.

වාචිකව ඉදිරිපත් කරන පර්යේෂණ (Research) 95 ක් ද, පෝස්ටර් පර්යේෂණ 150 ක් ද මෙම දෙදින තුළ ඉදිරිපත් කර සාකච්ජාවට භාජනය කිරීමට සැලසුම් කර ඇත. සෞඛ්‍ය සේවාවේ නියුතු පර්යේෂකයින් වඩ වඩාත් පර්යේෂණ සදහා යොමු කිරීම මෙන්ම මෙහිදී තෝරා ගනු ලබන පර්යේෂණ සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමනයට යොදා ගැනීමට නියමිතය.

මෙම ජාතික සෞඛ්‍ය පර්යේෂණ සම්මන්ත්‍රණය සදහා සෞඛ්‍ය වෘත්තිකයන් මෙන්ම විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයින්, පර්යේෂකයින්, අධ්‍යාපනඥයින් 700 ක් පමණ දෙනා සහභාගී වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය අපේක්ෂා කරයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT