Local

ෂාන් විජයලාල්ට-දයාශ්‍රිතට ශ්‍රීලනිපයෙන් විනය ක්‍රියාමාර්ග

Tuesday, 09 January 2024 - 9:01 am

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට සමඟි ජන බලවේගයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මහතාට හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පක්ෂ සභාපති, හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (08) සවස පැවති අතර, එහිදී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව එම දෙදෙනාට ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත වේ. සමඟි ජන බලවේගයට එක්වූ එම දෙදෙනාටම ආසන සංවිධායක ධුර ලබාදී ඇත. එමෙන්ම ඉදිරියේදී පවත්වන මැතිවරණ වෙනුවෙන් සන්ධානයක් ගොඩනැඟීම වෙනුවෙන් දැනටමත් සාකච්ඡාවන් ආරම්භ කර ඇති බවද පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා මධ්‍යම කාරක සභාව වෙත දැනුම් දී ඇත. ඉදිරියේදී පවත්වන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් පෙනී සිටීම සඳහා ශක්තිමත් සන්ධානයක් ගොඩනැඟීම සම්බන්ධයෙන් ද මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කර ඇත.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT