Local

මිලාද් උන් නබි උත්සවය අදයි

Monday, 16 September 2024 - 11:54 am

ශුද්ධ වු මුහම්මද් නබි තුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අදට (16) යෙදී තිබේ.

දෙස් විදෙස් ඉස්ලාම් බැතිමතුන් ශුද්ධ වු මුහම්මද් නබි තුමන්ගේ ගුණ සිහිකරමින් උත්සවාකාරයෙන් අද එය සමරනු ලබයි.

සාමය හා සමානාත්මතාව පදනම් කරගත් ඉස්ලාම් දහම ලොවට දේශනා කළ මුහම්මද් නබි තුමන් අරාබියේ මක්කම නගරයේදී උපත ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 570 දීය.

කුඩා කළ සිටම සියලුදෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වෙමින් යහපත් දිවි පෙවෙතක් ගත කළ ඔහු හතලිස්වන වියේදී අල්ලාහ් දෙවියන් විසින් නබිතුමන් වශයෙන් තෝරාගනු ලැබූ බව ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසය වේ.

නබිතුමන්, ඉස්ලාම් දහමේ හර පද්ධතිය සිය දේශනාවෙන්, ක්‍රියාවෙන් සහ පරිත්‍යාගයෙන් ලොවට පෙන්වා දෙනු ලැබූ සුවිශේෂී ශාස්තෘවරයෙකි.

මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවණීය මානව ප්‍රේමයක් ගොඩනැගීමට කැපවූ නබි නායකතුමන්ගේ උපන්දිනය ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් අද මහත් උත්සවාකාරයෙන් සහ ආගමානුකූලව සමරනු ලබයි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සමස්ත ඉස්ලාම් බැතිමතුන්ට ප්‍රීතිමත් හා අර්ථවත් මීලාදුන්-නබි උත්සවයක් වේවායි ප්‍රාර්ථනා කර සුබ පැතුම් පනිවුඩයක් නිකුත් කර තිබේ.

අන් අය අතර විශ්වාසය ගොඩනඟාගත් මුහම්මද් නබිතුමා අල් අමීන් හෙවත් විශ්වාසවන්තයා යන නාමයෙන් ද ප්‍රචලිත වී සිටින අතර ස්වකීය ජීවිතය පුරා එතුමා සුරැකි ගුණාංග හා මිනිසත් බව වෙනුවෙන් කළ කැපකිරීම් අපිරිමිත බව ජනාධිපතිවරයා සිය නිවේදනය සඳහන් කර ඇත.

අන්‍යෝන්‍ය අවබෝධය, සාධාරණත්වය, සහජීවනය සහ එකිනෙකාට වෛර නොකිරීම මුහම්මද් නබිතුමාගේ මූලික ඉගැන්වීම්වල හරය වේ.

අවංක මිනිසුන් ඉදිරියේ දෙවියන් නිරාවරණය වන අතර, එබඳු පුද්ගලයන් දෙවියන් විසින් සුදුසු, උස් ස්ථාන කරා ඔසවා තබන බව මුහම්මද් නබිතුමාගේ ජීවිතය සහ දර්ශනය පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් අවබෝධ කර ගත හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නබි නායකතුමාගේ ජන්ම දිනය සැමරෙන මේ සමයේ එතුමන් පෙන්වා දුන් වටිනාකම් සමඟ අනුගත වෙමින් සෑම ආකාරයකම අන්තවාදය පරාජය කොට සංවර්ධිත යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ අධිෂ්ඨානයෙන් ලොව පුරා ඉස්ලාමීය බැතිමතුන් අත්වැල් බැඳ ගනු ඇති බව තමන් විශ්වාස කර බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT