Local

මේ විප්ලවයට මට අවුරුදු 5ක් දෙන්න - රනිල්

Monday, 16 September 2024 - 9:15 am

ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ''පුළුවන් ශ්‍රී ලංකා'' සංකල්පය බලගැන්වීමේ අරමුණින් සංවිධාන කළ තවත් ජන රැලියක් මහනුවර දී අද (15) පැවැත්වුණි.

එහිදි ජනාධිපතිවරයා පැවසුවේ තනි ආසනයක් පමණක් තබාගෙන පාර්ලිමේන්තු බලයෙන් රට ස්ථාවර කළ තමන් මෙවර ජන වරමක් ඉල්ලන්නේ විප්ලවයකින් රට ගොඩනැගීමට බවයි. 

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

'දැන් කියනවා සජබෙන් මම දැන් ඉල්ලලා අස් වෙනවාලු මේ තරගයෙන්. ඒ අය දැනගන්න ඕනේ මම ඉල්ලලා අස්වෙන මිහිහෙක් නෙමෙයි කියලා. ඒ ගොල්ලෝ වාගේ රනින් සූෂ් දාගෙන දුවන මිනිහෙක් නෙමෙයි කියලා.

මම කියන්නේ එන්න මං එක්ක මේ අවස්ථාවේ එකතු වෙන්න. යූ.එන්.පී හැම එක්කෙනාටම මම කියනවා එන්න මං එක්ක එකතු වෙන්න කියලා. සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් කියනවා මට උගන්වන්න බැරිවුණ එකක් උගන්වන්නම් දුවන්නේ නැතිව ඉන්න.  

මගේ මූලික පරමාර්ථය ඊළඟ අවුරුදු පහේ ජීවන වියදම සැහැල්ලු කරවන්න. 2025 අවසන් වෙනකොට ඒකේ ප්‍රතිඵලය ඔබ දකිනවා. මම පාර්ලිමේන්තු බලය එක්ක රට ස්ථාවර කළා. මම ඔබේ ඡන්ද බලය ඉල්ලන්නේ විප්ලවයක් කරන්න. 

අවුරුදු 5යි ඉල්ලන්නේ සම්පූර්ණ ආර්ථිකයේ පෙරළියක් ඇති කරලා අලුත් ආර්ථිකයක් ගෙනත් දෙනවා'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT